Colombo Today Local News

සෞඛ්‍ය වර්ජනය නිසා යුද හමුදාවත් රෝහල් සේවයට

සෞඛ්‍ය වර්ජනය හේතුවෙන් අඬාල වූ රෝහල් කටයුතු බාධාවකින් තොරව සිදුකර ගැනීම සඳහා තවදුරටත් යුද හමුදා බට පිරිස් 1,100ක් යොදවා ඇතැයි ශ්‍රී ලංකා යුද හමුදාව පවසයි.

ඊයේ (13) දිනයේදී ආරම්භ කළ වැඩවර්ජනය රජයේ රෝහල්වල සෞඛ්‍ය වෘත්තීය සමිති 72ක් ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් ය.

එය දෙවැනි දිනටත් අද දිනයේ ද සිදුකිරීම හේතුවෙන් මහජනතාව දැඩි ලෙස අසිරුතාවයට පත්ව ඇති අතර, සෞඛ්‍ය පද්ධතිය සාමාන්‍ය පරිදි පවත්වාගෙන යෑම සඳහා යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ උපදෙස් මත මෙම භටපිරිස් යෙදවා ඇත.

දෛනික කටයුතු කිසිදු බාධාවකින් තොරව සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාමට හැකි සියලු පියවර ගන්නා ලෙසත්, ඉදිරියේ දී ඇතිවන අවශ්‍යතාවයන් මත අනෙකුත් රෝහල්වලට යුද හමුදා සාමාජිකයින් යෙදවීමට සුදානමින් සිටින ලෙසත් යුද හමුදාපතිවරයා උපදෙස් ලබාදී ඇත.

මේ අතර ශ්‍රී ලංකා ගුවන් හමුදාවෙන් සෙබළු 188ක් සහ නාවික හමුදාවෙන් සෙබළු 93 දෙනෙකු රෝහල් සේවය වෙනුවෙන් යොදවා ඇතැයි වාර්තා වේ

Related posts

ආණ්ඩුවේ අභ්‍යන්තරයට අභියෝග එල්ල කරන්නන් ගැන අභයාරාමයේදී පක්ෂ 8ක නායකයින් සාකච්ඡා

colombotoday

ඥානසාර හිමිගෙන් වන්දි ඉල්ලා බදුර්දීන් දැමූ නඩුව කල් යයි

colombotoday

රාජකාරී අංකයක් නැති කැලෑ පොලිසියක් පර්ලිමෙන්තුවට?

colombotoday

පොලිස් රාජකාරියට බාධා කළ දෙදෙනෙක් අත්අඩංගුවට..

colombotoday

“මා කීවේ නපුංසක ආණ්ඩු කියායි” – ඥාණසාර හිමි ඊයේ අධිකරණයේදී දුන් සාක්ෂිය !

colombotoday

ප්‍රසුත කල ගමන්ම බිළිදා වල දැමූ මවක්

colombotoday