Colombo Today Local News

ප්‍රසුත කල ගමන්ම බිළිදා වල දැමූ මවක්

දුම්මලසුරිය මරක්කලමුල්ල ප්‍රදේශයේ මවක්, අලුත උපන් බිළිඳෙකු වල දැමීමේ පුවතක් වාර්තා වේ.

119 පොලිස් හදිසි ඇමතුම් අංශය හරහා දුම්මලසුරිය පොලිසියට ලැබුණු තොරතුරක් මත දුම්මලසූරිය පොලිසියේ නිලධාරීන් සිදුකල විශේෂ විමර්ශනයකින් පසු මේ සිදුවීම අනාවරණය වූ බවයි පොලිසිය සඳහන් කළේය.

මරක්කලමුල්ල ප්‍රදේශයේ මවක් සිය දෙවන දරුවා ප්‍රසුත කර නිවස පිපිටුපස කුණු ගොඩක් ආසන්නයේ වල දමා ඇති බවට 119 හදිසි ඇමතුම් අංශයට දැනුම් දී තිබුණි.

දරුවා උපත ලද විගස වල දමා ඇති බව දුම්මලසූරිය පොලිසිය විසින් සිදුකරන ලද පරීක්ෂණවලින් අනාවරණය වී තිබේ.

මේ කාන්තාවගේ සැමියා පොලිසියට ප්‍රකාශ කර ඇත්තේ තම බිරිඳට දරුවෙකු ලැබීමට සිටි බව අසල්වැසියන් පැවසූවත් තමන් ඒ පිලිබඳව නොදැන සිටි බවයි.

දුම්මලසුරිය පොලිසිය විසින් සැකපිට අදාළ මව අත්අඩංගුවට ගෙන ඇති අතර ඇය වෛද්‍ය පරීක්ෂණයකට භාජනය කිරීමට නියමිතය.

Related posts

රන්ජන් ඉල්ලා අස්වෙයි… සමාව නොගනියි !

colombotoday

අලුත් අවුරුදු දා කොළඹ වටලා විරෝධතා

colombotoday

විමල් වීරවංශට එරෙහි නඩුව විභාගයට දින නියම කරයි

colombotoday

මධ්‍යම සංස්කෘතික අරමුදලේ මුදල්වලින් මැතිවරණ අල්ලස් දීමේ සූදානමක් – සජිත්ට චෝදනා

colombotoday

යහපාලන TOP 10 කම්බා හොරු එළිදකි

colombotoday

සතොසටත් සුරා බලපත්

colombotoday