Colombo Today Local News

විමල් වීරවංශට එරෙහි නඩුව විභාගයට දින නියම කරයි

අමාත්‍ය විමල් වීරවංශ මහතාට එරෙහිව ගොනුකර තිබෙන නඩුව නොවැම්බර් මස 26 වන දා විභාගයට ගැනීමට කොළඹ මහාධිකරණය අද (08)දින නියම කළේය.

මෙම නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු ප්‍රදීප් හෙට්ටිආරච්චි මහතා ඉදිරියේ අද කැඳවනු ලැබීය.

එහිදී දෙපාර්ශවයේ නීතිඥවරුන්ගේ එකඟතාවය මත මෙම නඩුවේ සාක්ෂි විභාගය නොවැම්බර් මස 26 වන දා ආරම්භ කිරීමට මහාධිකරණ විනිසුරුවරයා දින නියම කළේය.

එදින සාක්ෂි දීම සඳහා සාක්ෂිකරුවන් වෙත සිතාසි නිකුත් කරන ලෙසද විනිසුරුවරයා විසින් නියෝග කර ඇත.

2010 වසරේ ජනවාරි මස 01 වන දා සිට 2014 වසරේ දෙසැම්බර් මස 31 වන දා දක්වා කාල සීමාව තුළ සිය නීත්‍යානුකූල ආදායම අභිබවා රුපියල් මිලියන 75ක ට ආසන්න වත්කම් සහ මුදල් උපයා ගැනීම තුළින් අල්ලස් පනත යටතේ වරදක් සිදුකර ඇතැයි චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් ඉකුත් යහපාලන රජය සමයේ අමාත්‍ය විමල් වීරවංශ මහතාට එරෙහිව මෙම නඩුව කොළඹ මහාධිකරණය හමුවේ ගොනු කර තිබුණි.

Related posts

“කෝටි 800 වංචාවක් ගැන මම දන්නෑ.. ටෙලිකොම් පාලනය කරන්න මට බලයක් නෑ..” – ඇමති හරීන්

colombotoday

‘හෙළිදරව් නොවූ සියලු අපරාධ දේශපාලන රැකවරණ ‘ – බොරැල්ලේ අත්බෝම්බ සිද්ධිය ගැන අනුර කුමාරගෙන් හෙළිදරව්වක්

colombotoday

මහින්ද රාජපක්ෂට බලකාමී උන්මාදය රෝගය වැළදිලා – ප.ච රණවක

colombotoday

රජය සතු සියලු වත්කම්වල වටිනාකම රුපියල් බිලියන 814 යි !

colombotoday

මහ සමුළුවට නොඑන සියලුම ශ්‍රීලනිප මන්ත්‍රීන්ගේ පක්ෂ සාමාජිකත්වය අහෝසියි !

colombotoday

පොලිස් සිරමැදිරියේ සිටි සැකකරුවෙක් සියදිවි නසා ගනී

colombotoday