Colombo Today Local News

අලුත් අවුරුදු දා කොළඹ වටලා විරෝධතා

මෙවර අලුත් අවුරුදු උදාවේ ප‍්‍රධාන චාරිත‍්‍ර යෙදී ඇති ලබන 14 වැනිදා කොළඹදී උද්ඝෝෂණයක් සිදු කරන බව අන්තර් විශ්ව විද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලය පවසයි.

කොළඹදී ඊයේ (12) පැවැත්වූ මාධ්‍ය හමුවක දී ඒ පිළිබඳ අදහස් දැක්වමින් එහි කැඳවුම්කරු ළහිරු වීරසේකර මේ බව කියා සිටියේය.

මාළඹේ සයිටම් ආයතනයට එරෙහිව සහ අධ්‍යාපන ක්ෂේත්‍රයේ තවත් ගැටළු කිහිපයකට විසදුම් ඉල්ලා මෙම උද්ඝෝෂණය සිදු කරන බව ද මෙහි දී ප‍්‍රකාශ කෙරිණි.

විශ්ව විද්‍යාල සිසුන් මේ වනවිටත් ස්ථාන හයකදී අට්ටාල ඉදිකර ගෙන සත්‍යග‍්‍රහයන්හි යෙදී සිටින බවයි ළහිරු වීරසේකර වැඩිදුරටත් පැවසුවේ. එම සත්‍යග‍්‍රහයන්ද 14 වැනිදාත් අඛණ්ඩව සිදු කෙරන බව ද ඔහු කියා සිටියේය.

Related posts

කන්දකාඩු පොකුරේ කිසිසේත්ම දෙවැනි රැල්ලක් නෑ..

colombotoday

ටෙලිකොම් කොටස් පැවරීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

Admin

සේපාල් අමරසිංහ කොන්දේසි විරහිතව මාව අයැදී

Admin

අද සිට ලංකාවට හිරු මුදුන්වෙයි

colombotoday

ජනපති බිම්ස්ටෙක් සමුළුව අමතයි

colombotoday

මධුෂ්ගේ සමීපතමයෙකු අත්අඩංගුවට

colombotoday