Colombo Today Local News

ස්වර්ණවාහිනිය විකුණා ජනපති කොටු කරන තැතක්.. ගනුදෙණුව යට දූෂිත ඇමතියෙක් !

එදිරිසිංහ ට්‍රස්ට් ඉන්වෙස්ට්මන්ට් (ETI) ආයතනය සඳහා පුද්ගලයන් විසින් ආයෝජනය කරන ලද රුපියල් බිලියන 37 කට ආසන්න මුදලින් අස්ථානගතව ඇතැයි කියන බිලියන 08ක මුදල නිදහස් කර (Bail Out) එම ආයතනය සතු EAP මාධ්‍ය ජාලය ඇතුළත් එදිරිසිංහ ට්‍රස්ට් ඉන්වෙස්ට්මන්ට් (ETI) ආයතන සමූහය කෝටිපති ව්‍යාපාරික ඩබ්.එච්.කේ. වෑගපිටිය මහතා වෙත පවරා දීමට මහ බැංකුවේ ඉහළ නිලධාරීන් පිරිසක් කටයුතු කරමින් සිටින බව වාර්තා වේ.

එම වාර්තා සඳහන් කරන ආකාරයට ආණ්ඩුවේ ප්‍රබල අමාත්‍යවරයකු සහ මහ බැංකුවේ නිලධාරීන් පිරිසක් මෙම ගනුදෙනුවට අදාළ කටයුතු කඩිනමින් අවසන් කිරීමට මේ දිනවල කටයුතු කරමින් සිටින අතර ඒ ජනාධිපතිවරයාගේ මැදිහත් වීම මත අදාළ කටයුත්ත සිදු වන බව ප්‍රසිද්ධ කරමින්ය.

අප වෙත තවදුරටත් වාර්තා වී ඇති ආකාරයට සිදු කිරීමට යන ගනුදෙනුව නීති විරෝධී බවට කරුණු දක්වමින් මහ බැංකුවේම නිලධාරීන් පිරිසක් ඊට විරෝධය පළකර ඇත. එහෙත් ඒ අවස්ථාවේ දී මේ පිරිස කෝටිපති ව්‍යාපාරික ඩබ්.එච්.කේ. වෑගපිටිය මහතා ජනාධිපතිවරයාගේ සොයුරකුගේ සමීපතම හිතවතකු බවත් රජයට කොටස් හිමි මොබිටෙල් ආයතනයේ අධ්‍යක්ෂවරයකු ලෙස පත්කර ඇත්තේ එම හිතවත්කම හේතුවෙන් බවත් සඳහන් කරමින් ගනුදෙනුව කඩිනමින් අවසන් කළ යුතු බව දන්වමින් මේ පිරිස එම නිලධාරීන්ට බලපෑම් කර ඇත.

වත්මන් ආණ්ඩුවේ අමාත්‍යවරුන් කිහිපදෙනකුට එරෙහිව ඇති මූල්‍ය අක්‍රමික චෝදනා සම්බන්ධව ජනාධිපතිවරයා දැඩි තීන්දුවක් ගැනීමට නියමිත බවට ලැබී ඇති තොරතුරු හේතුවෙන් අදාළ අමාත්‍යවරයා මෙම ගනුදෙනුව කඩිනම් කිරීමට මැදිහත් වී ඇති බවත් ජනාධිපතිවරයාට එරෙහිව ද මූල්‍ය චෝදනාවක් මතු කිරීම තුළ ජනාධිපතිවරයා නිහඬ කිරීමේ උත්සාහයක් ඒ තුළ වන බවත් පෙන්වා දෙන එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කර සිටින්නේ මෙම ගනුදෙනුව සිදු කිරීම තුළ සුප්‍රකට මහ බැංකු බැඳුම්කර ගනුදෙනුවට අදාළව අග්‍රාමාත්‍යවරයා චෝදනා ලැබූ ආකාරයේ චෝදනාවකට ජනාධිපතිවරයා ද ලක් වීමේ අවදානමක් ඇති බවය.

වැඩිදුරටත් ඒ බව පෙන්වා දෙන අප වාර්තා අනුව වෑගපිටිය මහතා එදිරිසිංහ සමූහ ව්‍යාපාරය සතු EAP මාධ්‍ය ජාලය ඇතුළත් එදිරිසිංහ ට්‍රස්ට් ඉන්වෙස්ට්මන්ට් ආයතන සමූහය මිලදී ගැනීමට කටයුතු කර සිටින්නේ කිසිදු මුදලක් ඒ වෙනුවෙන් ආයෝජනය නොකරමින්ය. එනම් රුපියල් බිලියන 15 ක් ලෙස තක්සේරු කර ඇති ETI ව්‍යාපාරය පෙන්වා මෙරට රාජ්‍ය බැංකුවකින් රුපියල් බිලියන 5 ක ණයක් ගෙන එය ශ්‍රී ලංකා මහ බැංකුවට ලබා දී පසුව තවත් රුපියල් බිලියන 5 ක ශ්‍රී ලංකා මහ බැංකුවෙන් ණයක් ලෙස ලබා ගනිමින්ය. ඒ අනුව බිලියන 10ක් මහ බැංකුවට ගෙවා ඇති බව දක්වා ETI හි තක්සේරු වටිනාකම වෙනුවෙන් හිඟ රුපියල් බිලියන 5 වසර දෙකක් තුළ දී ගෙවන පදනමින් අදාළ සමාගම පවරා ගැනීමට වෑගපිටිය මහතාගේ අපේක්ෂාව වී ඇත.

එහි දී ETI හි රුපියල් බිලියන 08 කට අධික මුදලකට සිදු වූ දෙයක් නොමැති වීම සහ ඒ මත තැන්පත්කරුවන්ගේ රුපියල් බිලියන 37 කට අධික මුදල් අවදානමකට පත්ව තිබීමත් ඒ පසුබිමේ කිසිදු මුදලක් වැය නොකර වෑගපිටිය මහතාට මෙම ව්‍යාපාරය හිමි වීම තුළ බරපතළ මූල්‍ය අක්‍රමිකතාවක් සම්බන්ධව චෝදනාව එල්ල වීමේ අවදානම පවතී.

එසේම මේ වන විට ETI ව්‍යාපාර සමූහය තුළ ඇති EAP මාධ්‍ය ජාලය රුපියල් බිලියන 3ක්, සිනමා ශාලා රුපියල් බිලියන 1.2ක්, ස්වර්ණවාහිනී ගොඩනැඟිලි පරිශ්‍රය රුපියල් බිලියන 1.6ක්, ඉම්පාලා භූමිය රුපියල් බිලියන 1ක්, ස්වර්ණ මහල් ආයතනය රුපියල් මිලියන 800ක් ලෙස වත්කම් තක්සේරු කළ හැකි බවත් එම වත්කම් විකිණීම හරහා එදිරිසිංහ ට්‍රස්ට් ඉන්වෙස්ට්මන්ට් හි අස්ථානගත වී ඇති තැන්පත්කරුවන්ගේ මුදල් පියවීමට හැකියාවක් ඇති බව ද එම ආරංචි මාර්ග සඳහන් කරයි. තවද මේ වන විට පාර්ශ්ව කිහිපයක්ම මෙම ව්‍යාපාරය මිලදී ගැනීමට ඉදිරිපත් වී ඇති නමුත් ඒ සම්බන්ධව මහ බැංකුවේ නිලධාරීන් තැකීමක් කර නොමැත.

කෙසේ වුවත් අදාළ ගනුදෙනුව පිළිබඳ මීට පෙර අග්‍රාමාත්‍යවරයා වෙත ද පැමිණිලි ලැබී තිබූ අතර එහි දී අග්‍රාමාත්‍යවරයා මැදිහත්ව අදාළ ගනුදෙනුව සිදු නොකරන ලෙස මහ බැංකු නිලධාරීන් දැනුවත් කර ඇත. එහෙත් මෙවර ගනුදෙනුවට මැදිහත් වී ඇති ප්‍රබල අමාත්‍යවරයා මහ බැංකු නිලධාරීන්ට දැනුම් දී ඇත්තේ ඉදිරියේ දී මේ සඳහා අග්‍රාමාත්‍යවරයා මැදිහත් නොවන බවත් එහි වගකීම තමන් ගන්නා බවත්ය. කෙසේ වුවත් මීට පෙර මෙම ගනුදෙනුව පිළිබඳ අප කළ විමසුමේ දී වෑගම්පිටිය මහතා සඳහන් කර සිටියේ තමන් එවැනි ව්‍යාපාරික කටයුත්තක් වෙනුවෙන් කිසිදු සූදානමක් නැති බවයි.

සංජය ලියනගේ
– Sathhada.lk

Related posts

ශ්‍රීලනිපයෙන් මාව එළෙව්වොත්, ආපහු ගිහින් වැටෙන්නෙ ජනතාව ළගටමයි

colombotoday

සුදු වෑන් නැතිව පාතාලය මර්ධනය කරනවා – පොලිස්පති

colombotoday

පාස්කු කොමිසමෙන් අම්පිටියේ සුමනරතන හිමිට සහ අමිත් වීරසිංහට චෝදනා

colombotoday

කොවිඩ් ආසාදිත මවක් සිව් නිවුන් දරුවන් බිහිකරයි

colombotoday

රට වෙනුවෙන් සිරබත් කන්න මම සූදානම් – ගෝඨාභය

colombotoday

මත්තල ගුවන් තොටුපලේ මෙහෙයුම් කටයුතු රුසියා – ඉන්දීය සමාගමකට

Admin