Colombo Today Local News

සහරාන්ගේ පුහුණු තිප්පොළක් මහනුවර, අරුප්පලින් අල්ලයි

ජාතික තවුහීත් ජමාත් සංවිධානයේ ප්‍රබල සාමාජිකයින් පුහුණු කඳවුරක් ලෙස භාවිත කළ බව කියන මහනුවර, අරුප්පල ප්‍රදේශයේ දෙමහල් නිවසක් ආරක්ෂක අංශ විසින් ඊයේ (16) සොයාගනු ලැබීය.

යුද, ගුවන්, නාවික සහ පොලිස් බලඇණි දින ගණනාවක් පුරා සිදුකළ සෝදිසි මෙහෙයුමකදී මෙම සුවිසල් දෙමහල් නිවස පිළිබඳ තොරතුරු අනාවරණය කරගෙන තිබිණි යැයි ආරක්ෂක අංශ පවසයි.

මහනුවර, අරුප්පල, ධර්මාශෝක මාවතේ පිහිටි මෙම දෙමහල් නිවස සුවිසල් තාප්පයකින් වටවී තිබූ අතර නිවාස භූමියෙහි විශාල ප්‍රමාණයේ ගරාජයක්ද තිබිණි.

සැකකටයුතු නිවෙස සෝදිසිකිරීමේදී අන්තවාදීන් විසින් භාවිත කරනු ලැබූ බවට සැකකෙරෙන පොත්පත් රාශියක් සහ දේශන පැවැත්වීමේදී පාවිච්චි කරනු ලැබූ ආම්පන්න කිහිපයක්ද සොයාගෙන ඇතැයි සඳහන් වෙයි.

මෙම දෙමහල් නිවසේ ව්‍යාපාරිකයකු විසින් නවාතැන්පොළක් පවත්වාගෙන ගොස් ඇති අතර එම ස්ථානයට පැමිණෙන පුද්ගලයින් පිළිබඳ සටහන් තබන තොරතුරු පොතට අනුව මෙම ත්‍රස්තවාදී කණ්ඩායම් වරින්වර මෙම නිවසට පැමිණ ඇති බවට තොරතුරු අනාවරණ වන බවත් ආරක්ෂක අංශ පවසයි.

ත්‍රස්තවාදී කණ්ඩායමේ සාමාජිකයින් වරකට අටදෙනෙකු පමණ මෙම ස්ථානයේ ලැගුම් ගෙන ඇති බවද ඔවුන් දේශන පවත්වමින් ඉතා රහසිගතව මෙම නිවසේ සති දෙකක පමණ කාලයක් රැඳී සිට ඇති බව අනාවරණය වී ඇතැයිද ආරක්ෂක අංශ වැඩිදුරටත් සඳහන් කරයි.

ත්‍රස්ත කණ්ඩායම් මෙම නිවසේ රැඳී සිටියදී ඔවුන් මුණගැසීම සඳහා බාහිර පුද්ගලයන් කීපදෙනෙකු සුඛෝපභෝගී වාහනවලින් වරින්වර පැමිණ ඇති බව එම නිවසේ සේවකයන්ගෙන් කරන ලද ප්‍රශ්නකිරීම්වලින් අනාවරණය වී ඇත.

ආරක්ෂක අංශ මහනුවර නගරයේ සිදුකළ ඒකාබද්ධ විශේෂ සෝදිසි මෙහෙයුමකදී අන්තවාදී කණ්ඩායම්වලට අයත් බවට සැකපිට අත්අඩංගුවට ගන්නා ලද සැකකරුවන්ගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී මෙම දෙමහල් නිවසේ පවත්වාගෙන ගිය බව කියන පුහුණු කඳවුර පිළිබඳ තොරතුරු අනාවරණය කරගත් බව ආරක්ෂක අංශ පවසයි.

තවුහීත් ජමාත් සංවිධානයේ ප්‍රබල සාමාජිකයන් 2018 වසරේ සිට මෙම ස්ථානය සිය දේශන පැවැත්වීමේ පුහුණු කඳවුරක් ලෙස පවත්වාගෙන ගොස් ඇති බවත් එම සංවිධානයේ නායකයා ඇතුළු නායකයින් රැසක් මෙහි පැමිණ සිට ඇති බවත් ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී ඇතැයිද ආරක්ෂක අංශ සඳහන් කරයි.

ආරක්ෂක අංශ විසින් සිදුකරන ලද සෝදිසි මෙහෙයුම්වලදී මහනුවර ප්‍රදේශයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් සිවු දෙනකු මේ වන විට මහනුවර පොලිසියේ රඳවා තබාගෙන ප්‍රශ්න කරගෙන යන බව පොලිසිය පවසයි.

Related posts

හිටපු බුද්ධි ප්‍රධානී කපිල හෙන්දවිතාරණ අද පාස්කු කොමිසම හමුවේ සාක්ෂි ලබා දුනි

colombotoday

2020 රනිල් ජනපති කරන්න අරක්කු විකුණා අරමුදල් සොයයි !!

colombotoday

සපුගස්කන්ද තෙල් පිරිපහදුව දින 50 කට වැසෙයි. ඉන්ධන හිඟයක් නැහැ – ඇමති උදය ගම්මන්පිල

colombotoday

ඊයේ මැදියම් රැයේ සිට ඉන්ධන මිළ ඉහළට…

colombotoday

ජල බිල ඉහළ යන ලකුණු… වැසි ජලය භාවිතා කිරීමට හුරු කිරීමට අවධානය…

colombotoday

අලුත්ගම කන්දේ විහාරයේ පිංකැට 37 ට රජයෙන් සීල් තියලා !

colombotoday