Colombo Today Local News

හිටපු බුද්ධි ප්‍රධානී කපිල හෙන්දවිතාරණ අද පාස්කු කොමිසම හමුවේ සාක්ෂි ලබා දුනි

නිසි අවස්ථාවට ජාතික ආරක්ෂක කවුන්සිලයේ රැස්වීම් නොපැවැත්වුයේ නම් රටේ ජනාධිපතිවරයා පළමුවෙන්ම ඒ සඳහා වගකිව යුතු බව 2006 වර්ෂයේ මෙරට ජාතික බුද්ධි ප්‍රධානී තනතුර පිහිටුවීමෙන් පසු පළමු ජාතික බුද්ධි ප්‍රධානී ලෙස කටයුතු කළ විශ්‍රාමික මේජර් ජනරාල් කපිල හෙන්දවිතාරණ මහතා අද (08)දින පෙරවරුවේ පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබා දෙමින් කියා සිටියේය.

ඔහු එහිදී කියා සිටියේ පාස්කු ප්‍රහාරයට පෙර ලැබුණු ආකාරයේ වැදගත් බුද්ධි තොරතුරක් ලද විට ඒ පිළිබද ජාතික බුද්ධි ප්‍රධානියා හමුවී සාකච්ඡා කිරීම රාජ්‍ය බුද්ධි ප්‍රධානියාගේ අනිවාර්ය වගකීමක් වන බවය.

එසේම ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් වගකිවයුතු ප්‍රධානියා ජනාධිපතිවරයා බවත්, ඒ සම්බන්ධයෙන් වගවීමක් ආරක්ෂක ලේකම්වරයාට ඇති බවත් හෙන්දවිතාරණ මහතා ජනාධිපති කොමිසමට පෙන්වා දුන්නේය.

මෙහිදී ජනාධිපති කොමිසම සාක්ෂිකරුගෙන් ප්‍රශ්න කර සිටියේ නිසි අවස්ථාවට ජාතික ආරක්ෂක කවුන්සිලයේ රැස්වීම් නොපැවැත්වුයේ නම් ඒ සඳහා වගකිව යුත්තේ කවුරුන්ද යන්නයි.

රටේ ජනාධිපතිවරයා පළමුවෙන්ම ඒ සඳහා වගකිව යුතු බව සාක්ෂිකාර හෙන්දවිතාරණ මහතා කොමිසමට ප්‍රකාශ කළ අතර ආරක්ෂක ලේකම්වරයාටද ඒ සම්බන්ධයෙන් වගකීමක් පැවරෙන බවද පෙන්වා දුන්නේය.

එසේම 2014 අගභාගයේදී ශ්‍රී ලංකාවේ සිට සිරියාවට ගොස් අන්තවාදී කටයුතුවලට සම්බන්ධ වී මියගිය අයෙකු ගැන තොරතුරු වාර්තා වූ බැවින් අන්තවාදී කටයුතු පිළිබඳ සොයා බැලීමට රාජ්‍ය බුද්ධි සේවයේ වෙනම ඒකකයක් පිහිට වු බවද ඒ මහතා පැවසීය.

කෙසේ වෙතත් 2015 ජනවාරි මස 09 දින ජනාධිපතිවරණයේ ප්‍රතිඵල නිකුත්වීමත් සමග තමන් ජාතික බුද්ධි ප්‍රධානී තනතුරින් ඉල්ලා අස්වූ බව හෙන්දවිතාරණ මහතා සඳහන් කළේය.

ඒ වන විට බලයට පැමිණීමට නියමිතව සිටි කණ්ඩායම සමග 2001 වසරේදී රාජකාරි කර පලපුරුද්දක් තිබු බැවින් ඔවුන් සමග ඉදිරියේදී කටයුතු කළ නොහැකියැයි හැඟී ගිය නිසා තමන් එම තීරණයට එළැඹි බවයි ඔහු පැවසුවේ.

Related posts

මීගමුවේදී හෙරොයින් ජාවාරම්කරුවෙක් කොටු

colombotoday

මත් උවදුරට එරෙහිව දැඩි පියවර ගන්න – ආරක්ෂක ලේකම්ගෙන් පොලිසියට උපදෙස්

colombotoday

මද්දකට හසු වූ දිවියෙකු බේරා ගනී

colombotoday

ඇමෙරිකානු තානාපතිනිය බඩු මුට්ටු අස්කරන් යයි

colombotoday

විශ්‍රාමිකයන්ට අද සිට නොමිළේ දුම්රිය ප්‍රවේශපත්‍ර !

colombotoday

කොරියාවේදී ජාඇළ තරුණයකු පිහි පහරින් මරුට

Admin