Colombo Today Local News

පානීය ජල ගැටලු ඇත්නම් 117 අමතන්න

පානීය ජල ගැටලු ඇති ප්‍රදේශවල ජනතාවට වහාම 117 දුරකථන අංකය ඔස්සේ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයට දැනුම් දෙන ලෙස ඉල්ලීමක් කරයි.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කර සිටියේ, අදාළ ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීවරයා හා සම්බන්ධ වී මෙය සිදුකරන ලෙසය.

එවැනි ස්ථානවල ජනතාව ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථාන සමඟත් ජල ප්‍රවාහන ඒකක සමඟත් එක්ව මෙම තත්ත්වය විසඳීමට වැඩසටහන් ක්‍රියාත්මක වන බව ද ප්‍රදීප් කොඩිප්පිලි මහතා පවසයි.

“පවතින වියළි කාලගුණික තත්ත්වය හමුවේ ජනතාවගෙන් අපි ඉල්ලා සිටිනවා 117 දුරකථනය හා සම්බන්ධ වීම ඉතාමත් වැදගත්. ඉදිරියේ දී ඇතිවිය හැකි ඕනෑම ආපදා තත්ත්වයක් සම්බන්ධීකරණය සඳහා. යම් පානීය ජල ගැටලුවක් ඇත්නම් තම ප්‍රදේශයේ ග්‍රාම නිලධාරී තුමන් එසේත් නොමැති නම් දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකක සමග සම්බන්ධ වෙන්න. ඒ සඳහා සියල්ල සුදානමින් පවතිනවා.”

මේ අතර පසුගිය දින 10 ඇතුළත ස්ථාන 30ක පමණ කැළෑ ගිනි තැබීමේ සිදුවීම් වාර්තා වී ඇතැයි ද පැවසු ප්‍රදීප් කොඩිප්පිලි මහතා, එම ගිනි තැබීම් පාලනය සඳහා ත්‍රිවිධ හමුදාව සීරුවෙන් සිටින බව ද පැවසීය.

එවැනි කැළෑ ගිනි තැබීමේ සිදුවීමක් දුටු වහාම 117 දුරකථන අංකය ඔස්සේ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය හා සම්බන්ධ වෙන ලෙස ද ප්‍රදීප් කොඩිප්පිලි මහතා දැනුම් දෙයි.

Related posts

බොරතෙල් මිලදී ගන්න දිගුකාලීන කොන්ත්‍රාත්තුවක් සිංගප්පූරුවට

Admin

හිටපු ජනපති මෛත්‍රී කළ ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි

colombotoday

හිටපු SIS ප්‍රධානියාගේ ජංගම දුරකථනය වහාම සිය භාරයට ගන්නැයි පාස්කු කොමිසමෙන් නියෝගයක්

colombotoday

හෙරොයින් කිලෝවක් සමග කාන්තාවක් කොටු

colombotoday

“සයිටම් දරුවගෙ අප්පච්චී මහින්දයි.. දැන් උප්පැන්නෙ දෙන්න බෑලු“ – අමුණුගම

colombotoday

ලෝකෙ ලොකුම නත්තල් ගහේ වැඩ නවතී.. අගරදගුරු ප්‍රකාශයෙන් අර්ජුන පසුබසී !

colombotoday