Colombo Today Local News

“සයිටම් දරුවගෙ අප්පච්චී මහින්දයි.. දැන් උප්පැන්නෙ දෙන්න බෑලු“ – අමුණුගම

මාළබේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය මෙන්ම හම්බන්තොට ආයෝජන කලාපයත් හිටපු ජනාධිපතිවරයාගේ ව්‍යාපෘති බවත්, දැන් එතුමා ඒවාට විරුද්ධ බව කීම දරුවා උපන් පසු උප්පැන්න සහතික දෙන්න බැහැ කියනවා වැනි ක‍්‍රියාවක් බවත් විශේෂ ව්‍යාපෘති අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා පැවසීය.

මෙම කටයුතුවල පීතෘත්වය මහින්ද රාජපක්‍ෂ මහතා විසින් පිළිගත යුතු බව ද කී අමුණුගම මහතා මහින්ද රාජපක්‍ෂ මහතාගේ රජය සමයේ තවත් පෞද්ගලික වෛද්‍ය විද්‍යාල තුනකට පිඹුරුපත් සකස් කළ අතර එය හොඳ දෙයක් බව ද සඳහන් කළේය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ කොළඹ 10, ඩාර්ලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානයේදී ඊයේ (9) පැවති මාධ්‍ය හමුවක්

සයිටම් ආයතනය රටට ඉතාමත් හොඳ දෙයක් බවත්, එය මහින්ද රාජපක්ෂ ආණ්ඩුව විසින් ඇති කළ හොඳ ව්‍යාපෘතියක් බවද හෙතෙම පවසා සිටියේය.

Related posts

අවුරුදු 10ක දරුවෙකු පණගැන්වූ යතුරුපැදියක ගැටී සිගිත්තියක් මරුට

colombotoday

වැල්ලේ සෙල්ලම් කළ 20 ක් අත්අඩංගුවට

colombotoday

සමෘද්ධි වැඩපිළිවළ යළි සමාලෝචනය ලබන 01 වැනි දා ආරම්භ කෙරේ.

colombotoday

“යොවුන් පුරය කදිම තෝතැන්නක් වුණා” – අගමැති

colombotoday

ඉන්දීය ආධ්‍යාත්මික දේශක ශ්‍රී රවි ශංකර් ජනපති හා හිටපු ජනපති හමුවෙයි

colombotoday

ලෝක වෙළඳපොළේ බොර තෙල් මිල පහළට

colombotoday