Colombo Today Local News

හෙරොයින් කිලෝවක් සමග කාන්තාවක් කොටු

හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය සමග කාන්තාවක ඇතුළු දෙදෙනෙකු විශේෂ කාර්ය බලකා සෙබළුන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ (26) දින රාගම ප්‍රදේශයේ සිදුකරනු ලැබු මෙහෙයුමක දී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 750ක් හා රුපියල් ලක්ෂ 15 කට අධික මුදලක් සමග පුද්ගලයෙකු පළමුවෙන් ම අත්අඩංගුවට ගෙන ඇත.

පසුව අත්අඩංගුවට ගත් සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව දෙහිවල ප්‍රදේශයේ දී කාන්තාවක් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

ඇයගේ භාරයේ තිබී හෙරොයින් කිලෝග්‍රෑමයක් සොයාගෙන තිබේ.

අත්අඩංගුවට පත් සැකකරුවන් වැඩිදුර විමර්ශන සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාර දී ඇත.

Related posts

තාවකාලික රියැදුරු බලපත්‍ර වලංගු කාලය දීර්ඝ කරයි

colombotoday

රාජකාරි වේලාවේදී මත්පැන් පාටි දැමූ වයඹ පළාත් පරිවාස කොමසාරිස් ඇතුළු පිරිසට ස්ථාන මාරු

colombotoday

පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගමට මතුගම නගරයේ දී පහරදෙයි

Admin

ඝාතන සැලසුම ගැන ජනපතිගෙන් විශේෂ ප්‍රකාශයක්…

colombotoday

පොදු ස්ථාන ජීවානුහරණය කිරීම ඇරඹෙයි !

colombotoday

කොටි ධේනුවක්වකගේ හිසට වෙඩි තබා ඝාතනය කරලා

colombotoday