Colombo Today Local News

සජබ උද්ඝෝෂණයට සහබාගි වූ අයෙක් අත්අඩංගුවට ගෙන මරා දැමූ බවට කියන කතාව අමූලික බොරුවක්

සමගි ජන බලවේගයේ උද්ඝෝෂණයට සහභාගි වූ අයෙක් ඇඹිලිපිටියේදී මියයාම සම්බන්ධව මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා විසින් 2021/11/17 අද දින පාර්ලිමේන්තුවේදී සිදු කරන ලද විශේෂ ප්‍රකාශයක් සිදුකරන ලදි.

“විරුද්ධ පක්ෂය විසින් ඉතාමත් බරපතල චෝදනාවක් කළා ඊයේ උද්ඝෝෂණයට සහභාගී වෙච්ච කෙනෙක්ව අත්අඩංගුවට අරගෙන පොලීසිය පහරදීලා මාරා දාලා කියලා. ඒක සම්පූර්ණ අමූලික බොරුවක්. මේ පුද්ගලයාගේ නම ඉන්දික ජයරත්න, ඔහුගේ වයස අවුරුදු 37 යි. ඔහුගේ පදිංචිය වැලිගේ යාය, පනාමුරේ. මොහු මත්ද්රාව්යේ වලට ඉතාම දැඩි ලෙස ඇබ්බැහි වූ කෙනෙක්. ඔහු නිතරම බිරිඳට සහ දරුවන්ට පහර දෙනවා. ඒ ගැන බිරිඳගෙන් සහ දරුවන්ගෙන් විශාල පැමිණිලි තොගයක් ලැබිල තියෙනවා. 2021.11.12 වන දින ඔහුගේ දුව පැමිණිලි කරනවා. මේ පුද්ගලයාට විරුද්ධව. තමාට පොල්ලෙන් සහ අතින් පයින් ගහලා බරපතල තුවාල ඇති කළා කියලා. දුව ගිහිල්ලා රෝහල්ගත වෙනවා. එදා සිට මොහුව හොයනවා පොලීසියෙන්. මොහු හැංගෙනවා. ඊට පස්සෙ පොලිසිය ඔහුව අත්අඩංගුවට ගන්නේ ඊයේ රෑ 10.30 ට විතර. ඒ කියන්නෙ මේ පෙළපාලියට කිසිම සම්බන්ධයක් නෑ. පොලිසිය හොය හොය හිටිය කෙනාව පාන්දර ඔහුව අත්අඩංගුවට ගත්තට පස්සෙ පාන්දර 3.30 ට පමණ ඔහු තමාගේ ෂර්ට් එකේ කමිසයේ කූඩුවේ තියෙන කම්බියක ගැට ගහලා බෙල්ලෙ වැල දාගෙන මිය යන්න ඔන්න මෙන්න තියෙන කොට තමයි රාළහාමි දැකලා ඔහුව වහාම රෝහලට ගෙනියන කොට ඒ ගෙනියන අතරතුර මිය ගිහිල්ල තියෙන්නෙ. මේකට පෙළපාලියටවත්, උද්ඝෝෂණයටවත් කිසිම සම්බන්ධයක් නෑ. මේ පොලිසියට විරුද්ධව කරන මේ චෝදනාව අමූලික බොරුවක් කියලා මම ඔබතුමාට මේ අවස්ථාවේ කියා සිටිනවා.”

Related posts

මුදල් ඇමැති රවීගේ අලු‍ත් නිවසට රුපියල් ලක්ෂ 1700 ක්!

colombotoday

රාජ්‍ය බුද්ධි සේවය මගේ යටතේ නැති වුණත් ඉස්ලාම් අන්තවාදය ගැන උපදෙස් දුන්නා – හිටපු පොලිස්පති

colombotoday

උත්සව සමයේ අඩු මිලට දෙන්න සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ 3 ක් ආනයනයට පියවර

colombotoday

නාරාහේන්පිට පෞද්ගලික රෝහලක තිබී බෝම්බයක් හමුවෙයි

colombotoday

කොරෝනා ආසාදනය වු දෙදෙනා ඇසුරු කළ 65 ක් හදුනාගැනේ !

colombotoday

“ප්‍රතිලාභ ලැබුවත් දක්ෂිණ අධිවේගය නඩත්තු කරගන්නවත් මේ රජයට බෑ” – නාමල්

colombotoday