Colombo Today Local News

මහඑළිය රක්ෂිතයේ වැටලිමකට ගිය වන අඩවි ආරක්ෂක නිලධාරින් පිරිසක් අතරමං වෙයි.

නුවරඑලිය මහඑළිය රක්ෂිතයේ වැටලිමකට ගිය වන අඩවි ආරක්ෂක නිලධාරින් පිරිසක් රක්ෂිතය තුල (16) දින අතරමං වි ඇති බවත්, අතරමං වු වන අඩවි ආරක්ෂක නිලධාරින් පිරිස (17) දින උදැසන නිරුපද්‍රිතව සොයා ගැනිමට හැකි වු බව හැටන් වන අඩවි ආරක්ෂක නිලධාරි සුජිත් අජන්ත මහතා පැවසිය.
එම රක්ෂිතය තුල කාලයක් තිස්සේ සිදු කරනවා යැයි පැවසෙන අනවසර මැණික් ගැරිමක් වැටලිමට නුවරඑලිය වන අඩවි කාර්යාලයේ නිලධාරින් 15 දෙනෙකු සහ හැටන් වන අඩවි කාර්යාලයේ නිලධාරින් 06 දෙනෙකු ඇතුළු 21 දෙනෙකු (16) දින උදැසන මෙහෙයුම සදහා මාර්ග දෙකක් ඔස්සේ රක්ෂිතය තුලට ඇතුල්වි ඇත.

හැටන් වන අඩවි කාර්යාලයේ නිලධාරින් බගවන්තලාව ලොයිනොන් නොර්ත්කෝ වත්ත ප්‍රදේශයෙන් (16) දින උදැසන රක්ෂිතය තුලට ඇතුල් වි ඇති අතර , අනෙකුත් නිලධාරින් පිරිස බලංගොඩ බෙලිහුල්ඔය පහන්තුඩාව ප්‍රදේශයෙන් රක්ෂිතය තුලට ඇතුල් වි ඇත.

බලංගොඩ ප්‍රදේශයෙන් රක්ෂිතයට ඇතුල් වු පිරිස (16) දින පස්වරුවේ රක්ෂිත තුලට ඇද හැලුණු අධික වර්ෂාව සහ ඝන මිදුම් තත්ත්වය හේතුවෙන් දුරකථන සංඥා අවහිර විමෙන් එම නිලධාරින් පිරිස රක්ෂිතය තුල (16) දින රාත්‍රිය ගත කර එම නිලධාරින් පිරිස (17) දින අලුයම බගවන්තලාව ලොයිනොන් නොර්ත්කෝ ප්‍රදේශයෙන් උදැසන 9 ට පමණ පිටතට පැමිණි බව හැටන් වන අඩි ආරක්ෂක සුජිත් අජන්ත මහතා වැඩිදුරටත් පැවසිය.

මෙම වැටලිමේදි කිසිදු සැකකරුවෙකු අත්අඩංගුවට ගැනිමට නොහැකි වු බවත්, අතරමං වු නිලධාරින් පිරිස සොයා ගැනිම සදහා යුධ හමුදාවෙන් උපදෙස් ලැබුණු බව හැටන් වන අඩවි ආරක්ෂක නිලධාරිවරයා පැවසිය.

හැටන් – රංජිත් රාජපක්ෂ

Related posts

ඇමති රාජිතගේ පත්කිරිම් දෙකක් අධිකරණය බල රහිත කරයි

colombotoday

බස් ගාස්තු ඉහළ දැමීමට පුද්ගලික බස් රථ හිමියන් අවසර ඉල්ලයි

colombotoday

ජනවාරි මස පළමු වනදා සිට සිනමා ශාලා විවෘත වේ.

colombotoday

දැඩි කොන්දේසි මත බැසිල්ට ඇප… රට ගමන් තහනම්

colombotoday

ඇමති මලික් එජාප රැස්වීමට බලෙන් පැනලා… පාඩමක් උගන්වන්න දේශපාලන මණ්ඩලය සැරසේ

colombotoday

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ නඩුව සිංගප්පූරු අධිකරණයට!

Admin