Colombo Today Local NewsTop Stories

සමන්කුලම බෞද්ධ සිද්ධස්‌ථානය ටී.එන්.ඒ. පිරිසක්‌ ආක්‍රමණය කරලා

වවුනියාවේ සමන්කුලම බෞද්ධ සිද්ධස්‌ථානය අයත් වන්නේ හින්දු ආගමට බව පවසමින් 7 දා මහ වැසි මැද දෙමළ ජාතික සන්ධානයේ දේශපාලනඥයින් පිරිසක්‌ එම ස්‌ථානය ආක්‍රමණය කොට තිබේ.

මේ පිරිස සමන්කුලම පුද බිම වෙත පැමිණ එහි හින්දු පූජකවරයාට පවසා ඇත්තේ කවරෙකු පැමිණ මේ ස්‌ථානයේ බුදු පිළිමයක්‌ තැබීමට සූදානම් වුවත් ඊට ඉඩ නොතබන ලෙසයි.

කවරෙකු හෝ මේ ස්‌ථානයේ බුදු පිළිමයක්‌ තැබීමට පැමිණෙන්නේ නම් වහාම ඒ බව ඔවුන්ට දැනුම් දෙන ලෙසද දෙමළ ජාතික සන්ධානයේ දේශපාලනඥයින් පිරිස ප්‍රකාශ කොට තිබේ.

සමන්කුලම බෞද්ධ නටබුන් සහිත ස්‌ථානය 1977 සිට පුරා විද්‍යා දෙපාර්තමේන්තුව විසින් තහවුරු කරන ලද පුරාවිද්‍යා වැඩ බිමකි.

මෑතක සිට උතුරේ බෞද්ධ නටබුන් සහිත ස්‌ථාන හින්දු බැතිමතුන්ට අයත් සිද්ධස්‌ථාන බව පවසමින් ඒවා අත්පත් කර ගැනීමට දෙමළ ජාතික සන්ධානයේ ප්‍රාදේශීය දේශපාලනඥයින් පටන්ගෙන තිබේ.

Divaina

 

 

Related posts

“ඇඹිලිපිටියේ ගව මස් විකිණිමට කිසිසේත් ඉඩ දෙන්නේ නැහැ” -ඇඹිලිපිටිය නගරධිපති

colombotoday

ඥානසාර හිමි ඇතුළු භික්ෂූන්ගේ නඩු කඩිනමින් විභාග කරන්න – අස්ගිරි මහනාහිමි ජනපතිගෙන් ඉල්ලයි

colombotoday

අරලිය ගහ මැදුර ඉදිරිපිට විරෝධතාකරුවන් ඉවත් කිරීමට අවසර නෑ

colombotoday

ගොඩවායේ ධීවරයෝත් විරෝධයක්

colombotoday

සහරාන්ගේ ගෝලයෙකු ජීවිතක්ෂයට

colombotoday

මුතුරාජවෙල කසළ අංගනයේ ගින්න පාලනය කිරීමේ මෙහෙයුම් තවදුරටත්..

colombotoday