Colombo Today Local News

මුතුරාජවෙල කසළ අංගනයේ ගින්න පාලනය කිරීමේ මෙහෙයුම් තවදුරටත්..

මුතුරාජවෙල, කෙරවලපිටිය කසළ අංගනයේ ඊයේ(18)දින පස්වරුවේ ඇති වූ ගින්න තවදුරටත් පවතී.

ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව පැවසුවේ, ගින්න නිවීමේ කටයුතු තවදුරටත් ක්‍රියාත්මක බවයි.

මුතුරාජවෙල, කෙරවළපිටිය කසළ අංගනයේ අක්කර 4 ක් පමණ වන ප්ලාස්ටික් හා පොලිතීන් සහිත ප්‍රදේශයේ මෙම ගින්න හටගෙන තිබේ.

ගින්න මැඩපැවැත්වීම සඳහා ත්‍රිවිධ හමුදාව සහ පොලීසිය මෙන්ම ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ද එක්ව සිටිති.

කසළ අංගනයේ ගින්න පාලනය කිරීම සඳහා පැති කිහිපයකින්ම ජලය ඉසීම සිදු කෙරේ.

මේ අතර කෙරවලපිටිය කසළ අංගනයට එක්රැස්වන කසළ මගින් දැවි තෙල් නිෂ්පාදනය කිරීමට පියවර ගෙන ඇතැයි ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව පවසයි.

එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි නිමල ශාන්ත විජේරත්න මහතා පැවසුවේ, ඒ සඳහා ආයතනයක් එකඟතාව පලකර ඇති බවය.

Related posts

කැලුම්සිරි තණමල්විල කොල්ලෙක් ගැන කතා කරයි

colombotoday

මහින්දගේ රත්තරං හොයන්න ලියනගේගේ පිහිනුම් තටාකය හෙට හාරයි

colombotoday

(Video) ඉන්දියාවයි – ඒකාබද්ධ විපක්ෂයයි දෙකම එකයි – විජිත හේරත්

colombotoday

රිෂාඩ් බදියුදීන් මහා සංඝරත්නයට අභියෝග කරයි… ජනපති-අගමැතිටත් අනතුරු අගවයි

colombotoday

එප්පාවල පොස්පේට් ගින්න කුමන්ත්‍රණයක් !

colombotoday

රජයේ ඉහළ නිලධාරීන්ගේ වාහන බදු සහනයේ වෙනසක්

colombotoday