Colombo Today Local News

එප්පාවල පොස්පේට් ගින්න කුමන්ත්‍රණයක් !

එප්පාවල පොස්පේට් සමාගමේ කාර්යාලයේ අද අලූයම 3.00ට පමණ හටගත් ගින්න යම් කුමන්ත්‍රණයක් දැයි සැක පහළ වී තිබේ.

එම ගින්නෙන් පොස්පේට් සමාගමේ කාර්යාලයේ සැපයුම් අංශය, විගණන අංශය, ලේඛනාගාරය හා සේවක විවේකාගාරය විනාශ වී තිබු අතර එහි පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශයේ කෙරෙන පරීක්ෂණයකට අදාල ලිපි ගොනු කිහිපයක් තිබී ඇති වාර්තා වේ.

මෙම චෝදනා එහි සභාපති උපාලි අනුරාධ දිසානායක විසින් ප්‍රතික්ෂේප කරනු ලැබුවත් එහි අභ්‍යන්තර ආරංචි මාර්ග අප වෙබ් අඩවියට වාර්තා කලේ එවැනි ලිපිගොනු රැසක් එහි තිබු බවයි.

මෙම ගින්න අනුරාධපුර නගර සභා ගිනි නිවන ඒකකය හා පොලිසිය එම ස්ථානයට පැමිණ ගින්න නිවා දැමීමට කටයුතු කර ඇති අතර ගින්නෙන් ලක්ෂ 60 ක පමණ අලාභයක් සිදුවි තිබේ.

ceylonleader.com

Related posts

බදු ගෙවීමට ඩිජිටල් ක්‍රමවේදයක්

Admin

බැසිල්ට ඉඩ සලසමින් ජයන්ත කැටගොඩ ඉල්ලා අස්වීමේ ලිපිය භාරදෙයි.

colombotoday

මවක් 14 හැවිරිදි දිය­ණි­යට වඳ සැත්ක­මක් කර තරු­ණ­යකු සමඟ නිවෙසේ ජීවත් වෙන්න ඉඩදීලා

colombotoday

මැතිවරණ පැමිණිලි සඳහා වෙනම මධ්‍යස්ථානයක් පිහිටුවයි

colombotoday

ගුරුවරිය දණ ගැස්වූ මන්ත්‍රීට ආණමඩුව ශ්‍රීලනිප ආසන සංවිධායක ධුරය පිරිණැමේ !

colombotoday

සිසුවියන් දෙදෙනෙක් සමග හෝටල් කාමරයක සිටි ටියුෂන් ගුරුවරයෙකු අත්අඩංගුවට

colombotoday