Colombo Today Local News

කෘෂිකර්මයේ කෝටි 132 ගිල්ල සබීතාගේ බිල්ඩිම යලි බාර දෙයි

කෘෂිකර්ම අමාත්‍යාංශය පවත්වාගෙන ගිය රාජගිරියේ පෞද්ගලික කුලී ගොඩනැගිල්ල සඳහා පසුගිය වසර පහේ දී රුපියල් කෝටි එකසිය තිස් දෙකකට වැඩි මුදලක් ගෙවා ඇතැයි අලුත්ම ගණනය කිරීම් වලදී තොරතුරු හෙළි වී තිබෙන බව කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් එම්.බ් රෝහණ පුෂ්පකුමාර මහතා පැවැසී ය .

එම කුලී ගොඩනැගිල්ල සඳහා එක් මසක් වෙනුවෙන් රුපියල් දෙකෝටි විසි ලක්ෂයකට වැඩි මුදලක් ගෙවා ඇතැයිද ලේකම් වරයා කීය .

ගොඩනැගිල්ලේ ගිවිසුම් කාලය අවසන් වීමෙන් පසුව එම ගොඩනැගිල්ල පසුගිය 6 වැනිදා එහි හිමිකරුට භාර දුන් බව කි පුෂ්පකුමාර මහතා ගිවිසුම අත්සන් කළ අවස්ථාවේ හිමිකරුට භාරදුන් ආරක්ෂණ තැන්පතු මුදල වු රුපියල් කෝටි 7කට ආසන්න මුදල ඔහුගෙන් නැවත ලබා ගැනීමට මේ දිනවල කටයුතු කරගෙන යන බවද ප්‍රකාශ කළේය .

ගොඩනැගිල්ලට යම් අලාභයක් සිදුවී ඇත්නම් එම මුදල අඩු කරගෙන තැන්පතු මුදලේ ඉතිරි කොටස ලබා ගන්නා බවත් එවැනි අලාභයක් සිදුවී ඇද්දැයි රජයේ තක්සේරු දෙපාර්තමේන්තුව මාර්ගයෙන් වාර්තාවක් ලබාගැනීමට මේ දිනවල කටයුතු කරගෙන යන බවත් අමාත්‍යාංශ ලේකම්වරයා පැවැසුවේය .

යම් විදිහකින් හෝ එම තැන්පතු මුදල ලබා දීම ගොඩනැගිල්ලේ හිමිකරු ප්‍රතික්ෂේප කළහොත් ඔහුට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ක්‍රියාමාර්ග ගන්නා බව ද රෝහණ පුෂ්පකුමාර මහතා සඳහන් කළේය .

Related posts

“ජාතික හෙළ උරුමය භික්ෂූන් දේශපාලනයට ගෙන එමින් භික්ෂූ ගෞරවය නැති කළා” – බෙංගමුවේ නාලක හිමි

colombotoday

කැලණියෙන් ආසාදිතයින් 74ක් හඳුනා ගැනෙයි

colombotoday

ග්ලයිෆොසෙට් මෙට්‍රික් ටොන් තිස්දාහක් වරායෙන් පිටකිරීමට සූදානම්.. ගෙන්වා ඇත්තේ තහනම ඉවත් කිරීමට පෙරයි..

colombotoday

තවත් කොවිඩ් මරණ 19ක්

colombotoday

යතුරුපැදි හිමිකරුවන්ට පොලිසියෙන් විශේෂ දැනුම් දීමක්

colombotoday

මන්ත්‍රී පියල් නිශාන්ත මාධ්‍ය හමුවේ බොරු කියයි…

colombotoday