Colombo Today Local News

යතුරුපැදි හිමිකරුවන්ට පොලිසියෙන් විශේෂ දැනුම් දීමක්

ගාල්ල, ගාල්ල වරාය, තිස්සමහාරාමය, අහුංගල්ල හා කතරගම පොලිස් වසම්වල සිදු වූ යතුරුපැදි අංක තහඩු සොරකම් කිරීම සම්බන්ධව පැමිණිලි කිහිපයක් පසුගිය දිනවල වාර්තා වී ඇතැයි පොලිසිය පවසයි.

ඒ සම්බන්ධයෙන් අදාළ පොලිස් ස්ථාන මගින් විමර්ශනය කිරීමේදී ජූලි 31 වන දා රත්ගම පොලිස් වසමේදී සිදු වූ වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයකට සැකකරුවන් පැමිණ තිබූ යතුරුපැදියේ අංක තහඩු ජූලි 5 වන දා අහුංගල්ල පොලිස් වසමේදී සොරාගෙන ඇති බවට අනාවරණය වී තිබේ.

එමෙන් ම, ජූනි 6 දින මිද්දෙණිය පොලිස් වසමේදී මෝටර් රථයකින් පැමිණ වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීමේ අපරාධය සඳහා සැකකරුවන් පැමිණ තිබූ මෝටර් රථයේ සවිකර අංක තහඩු ද බේරුවල ප්‍රදේශයේදී සොරා ගන්නා ලද අංක තහඩු බවට අනාවරණය වී ඇත.

තව ද පසුගිය සති කිහිපය තුළ වාර්තා වූ වෙඩි තබා මනුෂ්‍ය ඝාතන සිදුවීම්වලට අදාළව අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය විසින් විමර්ශන සිදු කිරීමේදී සැකකරුවන් පැමිණ තිබූ මෝටර් රථ හා යතුරුපැදිවල ලියාපදිංචි අංක තහඩු ව්‍යාජ ඒවා බව ත් ඒවා ඉහත සඳහන් කර ඇති විවිධ ප්‍රදේශවල යතුරුපැදිවලින් සොරා ගන්නා ලද අංක තහඩු බවට නිරීක්ෂණය වී තිබේ.

මේ ආකාරයට යතුරුපැදි අංක තහඩු සොරකම් කිරීම් තවදුරට ත් මෙවැනි අපරාධ සිදු කිරීමට පූර්ව සැලසුමක් ද යන්න බවට පොලිසිය සැක කරනු ලබයි.

ඒ අනුව, තම යතුරුපැදි / වාහන මාර්ගයේ හෝ වෙනත් ස්ථානවල නවතා යාමේදී විශේෂයෙන් ම රාත්‍රී කාලයේදී ඒවායේ ආරක්ෂාව පිළිබඳව වඩා සැලකිලිමත්ව සිටින ලෙස පොලිසිය ඉල්ලීමක් කර තිබේ.

Related posts

අපේ ජන බල පක්ෂයේ නායක සමන් පෙරේරා වෙඩි තබා ඝාතනය කෙරේ.

colombotoday

කන්කසන්තුරයේදී පොලිස් නිලදාරියෙකුට පහරදෙයි දෙදෙනෙක් අත්අඩංගුවට

colombotoday

වැට් බදු සංශෝධන පනත ගැන විවාදය ඉරිදා පවත්වන්න මැතිසබේ අනුමැතිය

Admin

ලාල් කාන්ත කියූ විදියට අලි රිලා ප්‍රශ්නය විසදනු

Admin

මොණරාගල භික්‍ෂූන් වහන්සේලා 45ක් ස්වයං නිරෝධායනයට

colombotoday

කොවිඩ් මර්දන විශේෂ කමිටුව වැදගත් තීරණ කිහිපයකට එළඹෙයි

colombotoday