Colombo Today Local News

ඉබ්බාගමුව පන්නල ප්‍රදේශයේ නිවෙසක පිපිරීමක් | අත්හදා බැලීමක් සිදු කළාදැයි විමර්ශන

ඉබ්බාගමුව පන්නල ප්‍රදේශයේ නිවෙසක සිදු වූ බව කියන පිපිරීමකින් අයියා මලෝ දෙදෙනකු තුවාල ලබා කුරුණෑගල රෝහලට ඇතුලත් කර ඇතැයි පොලිසිය කියයි.

කිසියම් අත්හදා බැලීමක් සිදු කිරීමට යාමේ දී මෙම පිපිරීම සිදුවූයේ දැයි දැනගැනීමට පොලිසිය විමර්ශන ආරම්භ කර ඇත.

අවුරුදු සමයේ අලෙවි කිරීමට ගෙනා රතිඤ්ඤා එකතු කර යකඩ බටයකට පුරවා එය කෑපීමට යාමේදී මෙම පිපිරීම සිදුව තිබේ.

මල් වෙඩිල්ලක් සෑදීමට යාමේදී මෙම පිපිරීම සිදුවූ බව ඔවුන් පොලිසිය කියා ඇත.

මෙම පිපිරීම සම්බන්ධයෙන් විමර්ශනය සඳහා පොලිස් විශේෂ කාර්ය බළකාය සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එම ස්ථානයට ගොස් ඇත.

පිපිරීමෙන් මල්ලීගේ දැත්වලට දැඩි හානි සිදුව ඇති බවත් අයියාගේ අතැඟිලිවලට දැඩි තුවාල සිදුව ඇතැයි රෝහල් ආරංචි මාර්ග ගියයි.

කෙසේ වූවද මේ සම්බන්ධයෙන් පොලිසිය වැඩදුර පරීක්ෂණ සිදුකරයි.

Related posts

2020 දී ‍පොදු අපේක්ෂකයා වෙන්න මම සූදානම් – රාජිත සේනාරත්න

colombotoday

ඉන්දියානු පොහොර ගෙන්විමට අදාළව පළවන වාර්තා ජනපති ලේකම් ප්‍රතික්ෂේප කරයි

colombotoday

අගමැති අස්වුණොත් – මහාචාර්ය නලින් ද සිල්වාගේ විග්‍රහය

colombotoday

මට මොකුත් මතක නෑ.. නිදොස් කොට නිදහස් කරන්න – පෝරකයට නියම වූ දුමින්ද කියයි

colombotoday

දියණියගේ රස නැති හොද්ද පුතු අජාසත්ත කරයි

colombotoday

සංශෝධිත බදු පනතක් ගැසට් කෙරේ…

colombotoday