Colombo Today Local News

මානුෂීය මුහුණුවර ඇති සංවිධාන හරහා කොවිඩ් ආධාර ත්‍රස්ත සංවිධාන අතට! රුසියාව, ශ්‍රී ලංකාවට අනතුරු අඟවයි

කොවිඩ් මානුෂීය ආධාර ත්‍රස්ත සංවිධාන අතට පත්වීමේ අවදානමක් පවතින බැවින් ඒ පිළිබඳ අවධානයෙන් සිටින ලෙස රුසියාව මෙරට මහජන ආරක්ෂක අමාත්‍යාංශයට දැනුම් දී තිබේ.

ශ්‍රී ලංකාවේ සිටින රුසියානු තානාපති යුරයි මටෙරි සහ මහජන ආරක්ෂක ඇමැති රියර් අද්මිරාල් සරත් වීරසේකර අතර පැවැති විශේෂ සාකච්ඡාවකදී මෙම දැනුම් දීම සිදු කර ඇත. මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් උපයා ගන්නා මුදල් ත්‍රස්තවාදී සංවිධානවලට ලැබීමේ අවධානමක් ඇති බවත් මානුෂීය මුහුණුවර යටතේ ඇති ඇතැම් සංවිධාන යටතේ මෙම මුදල් ත්‍රස්තවාදී ක්‍රියාවන්ට ලැබිය හැකි බවත් තානාපතිවරයා පෙන්වා දී තිබේ. එම නිසා රුසියාවේ ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව සමග සමීපව කටයුතු කරන ලෙස තානාපතිවරයා ඇමැතිවරයාගෙන් ඉල්ලා ඇත. තවද ශ්‍රී ලංකා පොලිස් නිලධාරීන්ට රුසියාව ලබා දෙන පුහුණුව නවීන තාක්ෂණය භාවිතා කරමින් අඛණ්ඩව පවත්වා ගෙන යාමටද දෙපාර්ශ්වය එකඟ වී තිබේ.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන්ද සාකච්ඡා කළ අතර ලබන වසරේ (2021) රුසියාවේ ආරක්ෂක සමුළු දෙකක් පැවැත්වීමට සූදානම් බවද තානාපතිවරයා අනාවරණය කර ඇත. එම සමුළු දෙකට එක්වන ලෙස රුසියානු තානාපතිවරයා ඇමැතිවරයාට ආරාධනා කර තිබේ.

අරුණ

மனிதாபிமான அமைப்புகள் மூலம் பயங்கரவாத அமைப்புகளுக்கு கோவிட் உதவி ஒப்படைக்கப்பட்டது! ரஷ்யா இலங்கையை எச்சரிக்கிறது.

http://tamil.colombotoday.com/?p=22594

Related posts

කෝටි 4161ක් ඉල්ලා පරිපූරක ඇස්තමේන්තුවක්.. නොමිළේ කියූ ඉන්දීය ගිලන්රථ සේවයටත් කෝටි 11ක් ඉල්ලයි

colombotoday

අගරදගුරුතුමාගේ “යූ ටර්න්“ එකට දිවැසිවරු මවිත වෙයි…

colombotoday

රාගම ගුවන් පාලම අසල ඇළක නාඳුනන මළ සිරුරක්

Admin

අපේ ජනබල පක්ෂයෙන් රතන හිමි දොට්ට. – මන්ත්‍රිධුරයෙන් නෙරපන්නයැයි මැතිවරණ කොමිසමට දන්වයි.

colombotoday

ඛනිජ තෙල් පිරිපහදුව අමෙරිකානු සමාගමකට

Admin

ලංකා ඉතිහාසයේ ලොකුම සොරකම නොහොත් ඥානසාර හිමිගේ මන්ත්‍රීධුරය කොල්ල කෑමේ ගේම් එක

colombotoday