Colombo Today Local News

කොරෝ­නා­වෙන් දරුවන් දෙන්නා බේරා ගන්න නීති විරෝධී ලෙස බෝට්ටු­වෙන් ලංකා­වට ආ රම්මු­ගන් රවායි

ලොව දිනක් තුළ වාර්තා වූ වැඩිම කොරෝනා රෝගීන් සංඛ්‍යාව ඉන්දි­යා­වෙන් වාර්තා වී තිබේ. එම අව­දා­නම් තත්ත්ව­යට රටක් ලෙස අපි මුහුණ දෙමින් සිටිමු. ඊට ආස­න්නම උදා­හ­ර­ණය ලෙස හැඳි­න්විය හැක්කේ ඉකුත් 30 වැනි දින අලු­යම 34 හැවි­රිදි කාන්තා­වක සිය දරු දෙදෙනා සහ තවත් කාන්තා­වක සමඟ චෙන්නායි කුප්පම් ප්‍රදේ­ශයේ සිට ධීවර යාත්‍රා­ව­කින් තලෙ­යි­ම­න්නා­රම මුහුදු තීර­යට පැමි­ණී­මය. ඇය මෙසේ පැමි­ණියේ ඇයගේ වසය අවු­රුදු 13ක් සහ 4ක් වු දරු­වන් දෙදෙනා සහ තවත් සම වයසේ කාන්තා­වක් කැටු­වය.

මෙම පිරිසත් ලෙයි­ම­න්නා­රම මුහුදු තීර­යට පැමිණ මන්නා­රම දක්වා බස් රථ­ය­කින් පැමිණ නැව­තත් මන්නා­ර­මෙන් පුත්ත­ල­මට මගී ප්‍රවා­හන බස් රථ­ය­කින් පැමිණ ඇත. ඔවුන් සමඟ පැමිණි අනෙක් කාන්තාව මීග­මුව කොච්චි­කඩේ ප්‍රදේ­ශ­යට ගොස් ඇති බව සිදු කළ විම­ර්ශ­න­ව­ලින් අනා­ව­ර­ණය විය. සිය දරු­වන් සමඟ පැමිණි කාන්තාව ඇයගේ මව පදිං­චිව සිටින පුත්ත­ලම වේප්ප­ම­ඩුව ප්‍රදේ­ශ­යට පැමිණි තිබේ. ඇයගේ පැමි­ණීම සම්බ­න්ධව පුත්ත­ලම පරි­පා­ලන මහ­ජන සෞඛ්‍ය පරි­ක්ෂක එන්. සුරේෂ් මහ­තාට පෞද්ග­ලි­කව ලැබුණු තොර­තු­රක් මත පුත්ත­ලම පොලි­සි­යට තොර­තුරු දැන්වී­මෙන් පසු ඉකුත් 03 වැනි දින ඇය දරු දෙදෙනා සහ ඇයට රැක­ව­ර­ණය දුන් බව කියන ඇයගේ මව අත්අ­ඩං­ගු­වට ගෙන පුත්ත­ලම අධි­ක­ර­ණ­යට යොමු කිරී­මට කට­යුතු කළේය. අන­තු­රුව ඇය මව සහ දරු­වන් ඇප මත නිද­හස් කිරී­මට අධි­ක­ර­ණය නියෝග කළේය. මෙහිදී සෞඛ්‍ය නීති රීති­ව­ලට අනුව අධි­ක­ර­ණය නියෝග මත සෞඛ්‍ය අංශ ‍ඔවුන් සිය නිවෙ­සේම නිරෝ­ධා­ය­නය කිරී­මට කට­යුතු කළේය.

මෙසේ ඉන්දි­යාව චෙන්නායි කුප්පම් ප්‍රදේ­ශයේ සිට පැමි­ණියේ මුන්සායි රම්මු­ගන් රවායි නමැති කාන්තා­වයි. ඇය පුත්ත­ලම වෙප්ප­ම­ඩුව ප්‍රදේ­ශයේ පදිංචි ව සිටි කාන්තා­වක්. ඇය වයස අවු­රුදු 17දී මන්නා­රම සිලා­ව­තුර ප්‍රදේ­ශයේ දන්නා හඳු­නන තරු­ණ­යකු සමඟ ඇති කර ගත් ආදර සම්බ­න්ධ­තා­වක් මත විවාහ විය. ඔහු නමින් ප්‍රගීත්ය. වස­රක පමණ කාල­යක් ඔහු සමඟ ජීවත් වූ රවායි එව­කට පැවති යුද වාතා­ව­ර­ණය හේතු­වෙන් ඉන්දි­යා­වට යෑමට තීර­ණය කරන්නේ ඇයගේ අද­හ­ස­කට අනු­වයි. එහිදී ඔවුන් බණ්ඩා­ර­නා­යක අන්ත­ර්ජා­තික ගුව­න්තො­ටු­ප­ළෙන් ඉන්දි­යාව බලා පිටත්ව යෑමට කට­යුතු කරයි. ඔවුන් කුප්පම් නග­රයේ සම්භාණ්ඩ ආශ්‍රිත කුඩා කර්මාන්ත ශාලා­වක් පව­ත්වා­ගෙන යමින් ජීවත් විය.

මේ අත­ර­තුර ඔවුන්ගේ කැදැ­ල්ලට පිරිමි දරු­වන් දෙදෙ­නෙක් එක් වේ. පසුව සම්භාණ්ඩ කර්මා­න්තයේ අලෙ­විය අඩු­වී­මත් සමඟ එය අත­හැර දමා පැරණි වාහන නවී­ක­ර­ණය කර­මින් අලෙවි කිරීමේ කර්මා­න්ත­යක් ආරම්භ කළේය. ලොවම වන­ස­මින් මිනිස් ජීවිත බිලි ගනි­මින් ආරම්භ වු කොරෝනා වසං­ග­තය ඉන්දි­යාව ගිල ගනිද්දී සියලු ආදා­යම් මාර්ග­ව­ලට වැට බැදුණි. වයි­­ර­සය ශීඝ්‍ර­යෙන් පැතිරි යමින් තිබි­යදී එයින් බේරී­මට කිසිදු විටෙක ඉඩක් නොමැති බව තේරුම් ගත් ඇය තම දරු­වන් සමඟ නීති විරෝ­ධීව මුහුදු මාර්ග­යෙන් නැවත ලංකා­වට යමුයි කියා ප්‍රගීත්ට යෝජනා කළාය. ඒ දරු­වන්ගේ අනා­ග­තය ගැන සිතාය. එහෙත් ඇයගේ යෝජ­නා­වට ප්‍රගීත් විරුද්ධ විය. අව­සා­නයේ ඇය කෙසේ හෝ ලංකා­වට පැමි­ණෙන බව තරයේ සිතා ගත්තාය. ඊට අවශ්‍ය වට වට­පිට ක්‍රම­යෙන් නිර්මා­ණය කර­මින් ලද අව­ස්ථා­වක ඇය දැන හැඳින ගත් පුද්ග­ල­ය­කුගේ මාර්ග­යෙන් මුහුදු මාර්ගය ඔස්සේ දරු­වන් සමඟ යාත්‍රා­ව­කින් පැමි­ණී­මට අව­ස්ථාව උදා විය. ඒ අනුව ඇය සහ දරු­වන් තිදෙනා රැගෙන යෑමට ඉන්දී­ය රුපි­යල් 20,000ක් තර­ව්ක­රුට දීමට සිදු විය. අව­සා­නයේ ඉකුත් 30 වැනි දින රාත්‍රියේ ජීවිත අව­දා­නම ද නොතකා ඇය දරු­වන් සමඟ යාත්‍රා­වෙන් තලෙ­යි­ම­න්නා­රම මුහුදු තීර­යට පැමි­ණි­යේය. ඉන් අන­තු­රුව සැත­පුම් තුනක් පමණ දුර ගෙවා බස් රථ­යක නැඟී පුත්ත­ලම සිය මවගේ නිවෙ­සට පැමි­ණි­මට හැකි විය.

“දව­සින් දවස ඉන්දි­යාවේ වයි­ර­යි­ර­සය ශීඝ්‍ර­යෙන් පැති­රෙ­නවා. අපි ඉන්න ප්‍රදේ­ශයේ ගොඩක් කට්ටිය අස­නීප වුණා. සම­හර අය මැරුණා. මට මේ තත්ත්වය බලා­ගෙන ඉන්න බැරි නිසා තමයි මහ­ත්ත­යාට යෝජනා කළේ ලංකා­වට එමු කියලා. එයා කැමති වුණේ නෑ. මම ගොඩක් දරු­වන් ගැන හිතුවා. ඒ නිසා තමයි මොනවා වුණත් කමක් නෑ කියලා මම ලංකා­වට එන්න තීර­ණය කළේ. අපි ආ බෝට්ටුවේ තව එක් කෙනෙක් ආවා. එයා කොච්චි­ක­ඩේට ගියේ. හැබැයි එයා බෝට්ටු­වට කීයක් දුන්නාද කියලා මම දන්නේ නෑ. මගෙන් ඉන්දි­යානු රුපි­යල් විසි­දා­හක් ඉල්ලුවා. අපිව තලෙ­යි­ම­න්නා­රම් වෙරළේ පාළු තැනක දාලා ඒ බෝට්ටුව ගියා. පස්සේ අපි කිලෝ මීටර් තුනක් විතර ඇවි­ද­ගෙන ඇවිල්ලා මන්නා­ර­මෙන් වවු­නි­යාව බස් එකෙන් ඇවිල්ලා ඊට පස්සේ අනු­රා­ධ­පුර බස් එකේ පුත්ත­ල­මට ආවා. පුත්ත­ල­මෙන් ත්‍රීවිල් එකෙන් අම්ම­ලාගෙ ගෙද­රට ආවට පස්සෙ මට ආරංචි වුණා පොලි­සි­යෙන් අපිව හොය­නවා කියලා. මම ගොඩක් බය වුණා. පස්සෙ ගේ ළඟ ත්‍රීවීල් එකට කතා කරලා හලා­ව­තට ගිහිල්ලා බස් එකෙන් කොළ­ඹට ගියා. මම දන්න කෙන­කුගේ ගෙද­රට. එහෙ ඉන්න කොට අක්කා දුර දුර­ක­ත­න­යෙන් කතා කරලා කිවුවා පොලි­සි­යෙන් හොය­නවා එහෙ ඉන්න එපා බය නැතුව එන්න කියලා. ඉතින් මම ඕනෑ දෙයක් වෙන්න කියලා ගෙදර ආවා. ඊට පස්සේ පොලි­සි­යෙන් අත්අ­ඩං­ගු­වට අරන් අපිව අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කළා. අපට ඇප දුන්නා. නිවෙසේ නිරෝ­ධා­ය­නය වෙන්න කියලා උසා­වි­යෙන් නියෝග කළා. අපි ඒ අනුව කට­යුතු කර­නවා. මම ඉන්දි­යාවේ ඉඳන් ආවේ හොර­කම් කරලා නෙවෙයි. මිනී මරලා නොවෙයි. කොරෝ­නා­වෙන් මගේ දරුවෝ දෙන්න බේරා­ගන්න වෙන ක්‍රම­යක් තිබුණේ නෑ. ඒ නිසා තමයි මම බෝට්ටුවේ ආවේ. මම එදා ප්‍රගීත් එක්ක එයා­ර්පෝට් එකෙන් ගියාට පස්සෙ අවු­රුදු 17කට පස්සෙ තමයි ලංකා­වට ආවේ.’’ ඇය මුහුණ දුන් ත්‍රාස­ජ­නක අත්දැ­කීම් එසේ විස්තර කළාය.

දිනමිණ

Related posts

“ඉදිරි මාස දෙක තුළ ඩොලර් බිලියන පහක්වත් නොලැබුණොත් රට ගෙනියන්න බෑ”

colombotoday

අදත් ප්‍රදේශ කිහිපයකට ගිගුරුම් සහිත වැසි

colombotoday

හිටපු මන්ත්‍රී රංජන් රාමනායකට ඇප

colombotoday

“ශ්‍රීලනීපයට වෙන්නේත් මීතොටමුල්ලේ කුණු කන්දට වෙච්චදේමයි“ – ජනක බණ්ඩාර තෙන්නකෝන්

colombotoday

තවත් කොවිඩ් මරණ 16ක්

colombotoday

මහින්ද දේශප්‍රියගෙන් දේශපාලන පළිගැනීම් පිළිබඳ ජනාධිපති කොමිසමට ලිපියක්‌

colombotoday