Covid 19

රෝගීන් නිවෙ­ස්වල සැඟවී සිටීම කොවිඩ් මරණ වැඩි වීමට හේතු­වයි

ශ්‍රී ලංකාව තුළ කොවිඩ් මරණ සංඛ්‍යාව ඉතා වේග­යෙන් ඉහළ යෑමට ප්‍රධාන හේතුව බවට හඳු­නා­ගෙන ඇත්තේ රෝගය වැල­ඳුණු රෝගීන් ඒ බැව් සඟවා නිව­ස­ටම වී සිටීම යැයි සෞඛ්‍ය අංශ අනා­ව­ර­ණය කර­ගෙන තිබේ.

තමන්ට රෝගය වැලඳී ඇති බව දැන­ගැ­නී­මෙන් පසු බොහෝ රෝගීන් රෝහ­ල්ගත නොවන බවත් රෝගය උත්සන්න වී මාරා­න්තික තත්ත්ව­යට පැමිණි අව­ස්ථාවේ රෝහ­ල්ග­ත ­වීම නිසා එම රෝගීන් මර­ණ­යෙන් බේරා­ගැ­නීම ඉතා අප­හසු කාර්ය­යක් බවත් ශ්‍රී ලංකා වෛද්‍ය සංග­මයේ සභා­ප­තිනි වෛද්‍ය පද්මා ගුණ­රත්න මහ­ත්මිය ඊයේ (09) පැව­සු­වාය.

මෙම රෝගය වැල­ඳී­මෙන් පසු දින ගණ­නක් යාමේදී පෙණ­හලු ආශ්‍රි­තව කොරෝනා වයි­ර­සය ඉතා ශ්‍රීඝ්‍ර­යෙන් වර්ධ­නය වන බවත් හුස්ම ගැනීමේ අප­හ­සු­තාව මෙන්ම නිව්මෝ­නි­යාව තත්ත්වය නිසා රෝගීන් මිය යන බව පෙන්වා දෙන වෛද්‍ය­වරු ජීවිත අව­දා­න­මෙන් බේරා­ගැ­නී­මට නම් රෝගය උත්ස­න්න­වී­මට පෙර රෝගීන් රෝහල් ගත විය යුතු බව පෙන්වා දෙති. ඉකුත් සතිය තුළ පම­ණක් මෙර­ටින් කොරෝනා රෝගී මරණ 100කට වැඩි සංඛ්‍යා­වක් සිදුවී ඇති බවත් ඉන් වැඩි ප්‍රමා­ණ­යක් සිදුව ඇත්තේ නිවෙ­ස්ව­ලදී හෝ රෝහ­ල්ව­ලින් පිටත බව සෞඛ්‍ය අංශ අව­ධා­ර­ණය කරයි. ඉකුත් සතියේ මිය­ගිය රෝගී­න්ගෙන් ඉතා සුළු පිරි­සක් පම­ණක් රෝහ­ල්ව­ලදී මිය ගිය බව පව­සන සෞඛ්‍ය අංශ රෝග­යට ගොදුරු වූවන් ඉතා ඉක්ම­නින් වෛද්‍ය උප­දෙස් ලබා ගන්නේ නම් ජීවිත අව­දා­නම අඩු­කර ගත හැකි බව අව­ධා­ර­ණය කරයි.

තවත් ගැට­ලු­වක් බවට සෞඛ්‍ය අංශ හඳු­නා­ගෙන ඇත්තේ රෝගීන් බව හඳුනා ගත් පුද්ග­ල­යන් සැඟව සිටී­මයි.

පී.සී.ආර්. ලබා දුන් පුද්ග­ල­යන්ට කොරෝනා රෝගය වැලඳී ඇති බව වෛද්‍ය අංශ විසින් දැනුම් දීමෙන් පසුව එම රෝගීන් සිය ජංගම දුර­ක­තන ක්‍රියා­වි­ර­හිත කර පදිංචි ප්‍රදේ­ශ­ව­ලින් වෙනත් ප්‍රදේ­ශ­ව­ලට පැන යන බවත් තවත් පිරි­සක් සැඟවී සිටීම ගැටලු සහ­ගත තත්ත්ව­යක් බව වෛද්‍ය පද්මා ගුණ­රත්න මහ­ත්මිය කීවාය.

මෙම හේතුව කොරෝනා රෝගය සෘජුව ව්‍යාප්ත­වී­මට සාධ­ක­යක් වී ඇති බවත් ජන­තාව රෝග­යට බිය නොවී රෝහල් වෙත පැමිණ අවශ්‍ය ප්‍රති­කාර ලබා­ගැ­නීම මඟින් මෙම මාරා­න්තික උව­දු­රෙන් මිදී තව කෙනෙකු ද බේරා ගත හැකි බව වෛද්‍ය­ව­රිය පෙන්වා දෙයි.

Related posts

පානදුර මෝදරවිල කර්මාන්ත පුරවරයේ ඇඟළුම් ශාලාවක 450කට කොරෝනා

colombotoday

තවත් කොවිඩ් ආසාදිතයින් 15ක්

Admin

තවත් කොවිඩ් ආසාදනය වූ රෝගීන් 1,782ක්

colombotoday

කුරුවිට බන්ධනාගාරයෙන් කොවිඩ් රෝගීන් 64ක්

colombotoday

නව ආසාදිතයින් 260ක් හදුනා ගැනේ

colombotoday

මෙරටින් හඳුනාගත් ඔමික්‍රෝන් ආසාදිතයාගේ, ආශ්‍රිතයින් හඳුනාගැනීමට තවදුරටත් පරීක්ෂණ

colombotoday