Colombo Today Local News

“ඉදිරි මාස දෙක තුළ ඩොලර් බිලියන පහක්වත් නොලැබුණොත් රට ගෙනියන්න බෑ”

ඉදිරි මාස දෙකක කාලය ඇතුළත ඩොලර් බිලියන පහක වත් මුදලක් නොලැබුණොත් රට පවත්වාගෙන යන්නට නොහැකි වනු ඇතැයි එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පවසයි.

ඉතිහාසයේ දරුණුතම විදේශ වත්කම් පහත වැටීමේ අවස්ථාවට ශ්‍රී ලංකාව මුහුණ දෙමින් සිටින බව කී විජයවර්ධන මහතා එය සෘජුව බලපාන්නේ රටේ සමස්ත ජනතාවට බවත් දැනටමත් කිරිපිටි යළිත් වෙළෙඳ පොලේ නැති බවත් සඳහන් කළේය.

මේ වන විට රටේ තිබෙන ඩොලර් සංචිත ප්‍රමාණය බිලියන 1.5 ක් පමණක් බවත් එයින් ඉන්ධන හා ඖෂධ ගෙන්වා ගැනීමට මුදල් වැය කළ විට මේ මස අවසානය වන විට ඉතිරි වන්නේ ඩොලර් මිලියන 1100 ක් පමණක් බව කී විජයවර්ධන මහතා ඉදිරි වසරක ආනයන අවශ්‍යතා හා සැසදීමේදී එය ලබන වසරේ සති දෙකකටවත් ප්‍රමාණවත් නොවන බවද සඳහන් කළේය.

Related posts

ලෝකෙ ලොකුම නත්තල් ගහේ වැඩ නවතී.. අගරදගුරු ප්‍රකාශයෙන් අර්ජුන පසුබසී !

colombotoday

අමෙරිකාවේ එන්නත් රැගත් ගුවන්යානය දිවයිනට

colombotoday

අර්ජුන් ඇලෝසියස් මට කියක් දුන්නාදැයි මම දන්නෑ…

colombotoday

අසාද් සාලිගෙන් කෝටි 10ක් වන්දි ඉල්ලයි !

colombotoday

චීන නැව හම්බන්තොටට වේගවත් ගමනක.. – ශ්‍රී ලංකා මුහුදේ විද්‍යාත්මක පර්යේෂණ තහනම්

colombotoday

කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ නියාමකවරයෙකුගේ වැඩ තහනම්

colombotoday