Colombo Today Local News

මහින්ද දේශප්‍රියගෙන් දේශපාලන පළිගැනීම් පිළිබඳ ජනාධිපති කොමිසමට ලිපියක්‌

දේශපාලන පළිගැනීම් පිළිබඳ ජනාධිපති කොමිසමට මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා විසින් ලිපියක් යොමුකර තිබේ.

ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබාදෙන පුද්ගලයින් ඉන් පිටතට පැමිණ සිදුකරන ප්‍රකාශ හේතුවෙන් ඇතැම් අපේක්ෂකයින්ට අගතියක් සිදුවන බව පවසමින් සභාපතිවරයා අදාළ ලිපිය යොමුකර ඇති බව සඳහන්ය.

මෙහිදි මහින්ද දේශප්‍රිය මහතා පෙන්වා දී ඇත්තේ මැතිවරණයක් ප්‍රකාශයට පත් කර ඇති බැවින් මැතිවරණ නීතියට අනුව අදාළ ප්‍රකාශ හේතුවෙන් ඇතැම් අපේක්ෂකයින්ට අගතියක් සිදුව ඇති බවය.

එම නිසා එය වැළැක්වීමට අවශ්‍ය කටයුතු සිදුකිරීමට හැකියාව පවතින්නේ ද, යන්න පිළිබඳ සොයා බලන ලෙසයි මැතිවරණ කොමිසමේ සභාපතිවරයා දේශපාලන පලිගැනීම් පිළිබඳ කොමිසමෙන් ඉල්ලීමක් කර ඇත.

එලෙස හැකියාවක් පවතින්නේ නම් වහාම අදාළ ක්‍රියාපටිපාටිය නිවැරදි කිරීමට කටයුතු කරන ලෙසට මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා දේශපාලන පළිගැනීම් පිළිබඳ ජනාධිපති කොමිසමෙන් ඉල්ලීමක් කර තිබේ.

Related posts

රිෂාඩ්, මනෝ, දිගාම්බරම් අගමැතිට පක්ෂව !

colombotoday

විමල් අත්අඩංගුවට ගැනීම ගැන එජාප සජිත් පිළෙන් ආණ්ඩුවට චෝදනා (Video)

colombotoday

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද කෝප් කමිටුව හමුවට

Admin

බීමත් රියදුරන් අත්අඩංගුවට ගන්න අද සිට විශේෂ මෙහෙයුම්

colombotoday

වජිර එජාප නායකත්වයට යන මග සකසමින්

colombotoday

ජාතික ගීය සිංහලෙන් පමණයි – ආරක්ෂක ලේකම්

colombotoday