Colombo Today Local News

කැලණි සරසවියෙන් ජනපතිට විරෝධතාවක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කැලණිය විශ්ව විද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යන ආයතනය පවතින ගොඩනැඟිලි පරිශ්‍රය විවෘත කිරීම වෙනුවෙන් සංවිධානය කර තිබූ උත්සවයට සහභාගි වී තිබේ.

ඒ අනුව නව ගොඩනැගිලි පරිශ්‍රය අද (31) පෙරවරුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් විවෘත කර තිබේ.

එය විවෘත කිරීමට ජනාධිපතිවරයාගේ පැමිණීමට විරෝධය පළ කරමින් කැලණි විශ්ව විද්‍යාලයේ සිසුන් විරෝධතාවයක නිරත විය. පෙරේදා රාත්‍රියේ විරෝධතාව විසුරුවා හැරීමට පොලිසියට ජල හා කදුලු ගෑස් ප්‍රහාර එල්ල කිරීමට සිදුවුණේ ඔවුන් කොළඹ මහනුවර ප්‍රධාන මාර්ගයා අවහිර කරමින් විරෝධතාවයේ නිරත වූ නිසාය.

කෙසේවෙතත් අනතුරුව සිසුන් එම ස්ථානයෙන් විසිර ගියද ඔවුන් සවස් වන තුරුම විශ්වවිද්‍යාල පරිපාලන ගොඩනැගිල්ලකට කිසිවෙකුටවත් ඇතුළු වීමට ඉඩ ලබානොදී විරෝධතාවක නිරතව සිටියේය.

Related posts

නිල්වලා ගඟ ආශ්‍රිත පහත්බිම්වල ජනතාවට යළි අනතුරු ඇඟවීමක්

Admin

මුස්ලිම් පල්ලියක සිකුරාදා යාච්ඥාව පවත්වලා | 14ක් පල්ලියේම නිරෝධායනයට

colombotoday

හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර ශ්‍රේෂ්ඨාධිකරණයට එයි

Admin

උදේ වරුවේ ටියුෂන් තහංචියට අධ්‍යාපන ඇමතිගෙන් කැබිනට් පත්‍රිකාවක්…

colombotoday

නව ව්‍යවස්ථාවේ අතුරු වාර්ථාව පාර්ලිමේන්තුවට.. බලය බෙදන්න සූදානම් !

colombotoday

අද සිට ගෘහස්ථ ගෑස් සිලින්ඩර ලක්ෂයක් වෙළදපොළට

Admin