Colombo Today Local News

නව ව්‍යවස්ථාවේ අතුරු වාර්ථාව පාර්ලිමේන්තුවට.. බලය බෙදන්න සූදානම් !

constitiution

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සැකසීම සඳහා වන කෙටුම්පතට අදාළ අතුරු වාර්තාවක් නොවැම්බර් මාසය තුළදී පාර්ලිමේන්තුවේ සභාගත කිරීමට සැලසුම් කර තිබේ.මේ සම්බන්ධයෙන් අදහස් ඉදිරිපත් කිරීම සඳහා නීතිපතිවරයා ද ව්‍යවස්ථා මෙහෙයුම් කමිටුවට පැමිණි බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මෙහෙයුම් කමිටුවේ ලේකම් පාර්ලිමේන්තු නියෝජ්‍ය මහ ලේකම් නීල් ඉද්දවෙල මහතා සඳහන් කළේය.

මැතිවරණ ක්‍රමය, බලය බෙදීම හා විධායකය සම්බන්ධයෙන් මේ දිනවල දීර්ඝ ලෙස සාකච්ඡා පැවැත්වෙන බව ඔහු සඳහන් කළේ ය.

පසුගිය දින 4 තුළ අඛන්ඩව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මෙහෙයුම් කමිටුව අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් රැස්වී තිබේ. ඒ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මෙහෙයුම් කමිටුව සිය අතුරු වාර්තාව අයවැය කාලය තුළදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයට ඉදිරිපත් කිරීමට සැලසුම් කර ඇති බව ඉද්දවෙල මහතා සඳහන් කළේ ය.

Related posts

සයිටම් ගැටළුවට ජනපති විසදුමක් දෙයි.. සයිටම් සිසුන් කොතලාවල ආරක්ෂක වෛද්‍ය පීඨයට

colombotoday

අටලුගමින් තවත් කොරෝනා රෝගීන් 130ක්

colombotoday

විදුලි බිල වැඩිවීම කිරීම අනිවාර්යයි – බලශක්ති ඇමති කියයි

colombotoday

ආණ්ඩුවේ ඉන්නවද? යනවාද? ශ්‍රීලනිප තීරණය දෙසැම්බරයේ !

colombotoday

පලස්තීන ජාතිකයෙක් අත්අඩංගුවට

Admin

බණ්ඩාරදූවේ වෙඩි තැබීමකින් අයෙක් මරුට

Admin