Colombo Today Local News

පලස්තීන ජාතිකයෙක් අත්අඩංගුවට

ආගමන විගමන කොන්දේසි උල්ලංඝනය කරමින් මෙරට රැඳී සිටි පලස්තීන ජාතිකයෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

ඔහු ඊයේ (16)දින ගාල්ල අපරාධ කොට්ඨසය විසින් අත්අඩංගුවට ගෙන තිබෙුණේ, හික්කඩුව, වෑවල ප්‍රදේශයේදීය.

අදාළ සැකකරු සංචාරක වීසා මත මෙරටට පැමිණ වලංගු විදේශ ගමන් බලපත්‍රයක් නොමැතිව වීසා කොන්දේසි උල්ලංඝනය කරමින් කොණ්ඩා කපන ස්ථානයක රැකියාවක් කරමින් සිට ඇත.

අත්අඩංගුව ගත් සැකකරු 32 හැවිරිදි අයෙකි.

සැකකරු අද (17)දින ගාල්ල මහෙස්ත්‍රාත් අධිකණරය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

සිද්ධිය සම්බන්ධයෙන් ගාල්ල දිසා අපරාධ කොට්ඨාසය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Related posts

පළාත් සභා මැතිවරණය කඩිනම් කිරීමට කටයුතු කරන්නැයි අගමැතිගෙන් උපදෙස්

colombotoday

අත්තනගලු ඔයේ ජල මට්ටම මහ ගංවතුර තත්ත්වයක

Admin

සිරකරුවන් 440කට විශේෂ රාජ්‍ය සමාව

Admin

නව පාර්ලිමේන්තුවේ කථානායක තෝරා පත් කර ගනී

colombotoday

මහින්ද සටන් සගයා වෙනුවෙන් අඩියක් පස්සට ගනී.. ජනපතිට, අගමැතිටත් කතා කරයි

colombotoday

රාජපක්‍ෂලා නැසීමට ගිනි අවි සියයක් කොළඹට..?

colombotoday