Colombo Today Local News

සුබසාධන ප්‍රතිලාභ ලබාදෙන අය ගැන තවත් හොයයි

සුබසාධක ප්‍රතිලාභ දීමනාව ගෙවීම් සඳහා ප්‍රදේශීය ලේකම්කාර්යාලවලට ලැබුණු සංගනණය කරන ලද තොරතුරු නැවත පරීක්ෂා කිරීම කටයුතු මේ වන විට ආරම්භ කර ඇති බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසයි.

එහි සභාපති බී. විජයරත්න මහතා සඳහන් කළේ, නැවත පරීක්ෂා කළ අයදුම්පත්‍ 158,000 දත්ත පද්ධතියට ඇතුළත් කර ඇති බවය.

බී. විජයරත්න මහතා වැඩිදුරටත් කියා සිටියේ….

“සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සුබසාධක ප්‍රතිලාභ දීමනා ගෙවීම සඳහා වූ වැඩපිළිවෙළේ මේ වන විට සියලු ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට ලැබුණු සංගනණය වූ තොරතුරු නැවත පරීක්ෂාකිරීම හා සත්‍යාපනය කිරීමේ කටයුත්ත මේ දවස්වල ලහි ලහියේ සිද්ධ වෙනවා. ඒ අනුව ඒසේ ලැබුණු අයදුම්පත නැතිනම් ගෙවල්වල විස්තර 88,000ක ප්‍රමාණයක් අපේ දත්ත පද්ධතියට ඇතුළු කරලා තියෙනවා. ඊයේ දවස තුළ 69,000ක විතර ප්‍රමාණයක් ඇතුළු කරලා තියෙනවා. මේ අනුව අපි තව දවස් 5, 6කින් මේ ක්‍රියාවලිය අවසන් වෙයි. ඊට පස්සේ අපිට සුදුසුකම්ලාභීන්ගේ ලැයිස්තුව ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් ප්‍රදර්ශන කිරීමට පුළුවන් වෙයි කියන අපේක්ෂාව අපිට තියෙනවා.” බවයි

Related posts

ජනපති රනිල්ගෙන් රංජිත් ආරියරත්න ට විශේෂ තනතුරක්

Admin

මහපොළ ශිෂ්‍යත්ව භාර අරමුදලට සිදුවූ මිලියන 673ක පාඩුවක් කෝප් කමිටුවේදී හෙළි වෙයි.

colombotoday

තවත් ෆයිසර් එන්නත් මාත්‍රා තොගයක් දිවයිනට

colombotoday

මුස්ලිම් ළමයි කළ පිපිරවීම ගැන ලැජ්ජයි… ඒ ළමයිවත් දන්නේ නෑ ඒ ගැන… මෙච්චර කරයි කියල අපි හිතුවෙ නෑ – බදියුදීන්

colombotoday

දෙමටගොඩත් පිපිරීමක්….

colombotoday

සල්ලි ඉල්ලා පුතු මවගේ බෙල්ල මිරිකලා

colombotoday