Colombo Today Local News

අනුර කිවුවේ බොරු රේගුවෙන් විශේෂ ප්‍රකාශයක්

ජාතික ජන බලවේගය පක්ෂයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා සඳහන් කරන ආකාරයට ශ්‍රී ලංකා රේගුවට රුපියල් ට්‍රිලියන 1.1ක බඳු හිඟයක් නැති බවත් එකතු කිරීමට ඇති හිඟ බදු ප්‍රමාණය රුපියල් බිලියන 58ක් පමණක් බවත් ශ්‍රී ලංකා රේගුව සඳහන් කරයි.

එම රුපියල් බිලියන 58කට ආසන්න හිඟ බදුවලින් එක් පුද්ගලික සමාගමකින් හැරුණුකොට සෙසු හිඟ බදු ප්‍රමාණයක් එකතු කර ගැනීමට ඇත්තේ රාජ්‍ය ආයතන 37කින් බව රේගුව සඳහන් කරයි.

ශ්‍රී ලංකා රේගුවේ 2024 වසරේ අපේක්ෂිත ආදායම් ඉලක්කය වශයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල තහවුරු කර ඇත්තේ රුපියල් බිලියන 1534කි.

නමුත් 2024 වසරේ මුල් මාස 08 අවසන් වන විට රුපියල් බිලියන 1000ක ආදායම් ඉලක්කයක් ළඟා කර ගැනීමට ශ්‍රී ලංකා රේගුව සමත් වූ බවත් එය ඉතිහාසයේ ඉහළම ආදායම බවත් ඉදිරි මාස 04 තුළ වසරේ අපේක්ෂිත ඉලක්කය වෙත ළඟා විය හැකි බවත් රේගු අධ්‍යක්ෂ ජනරාල් සරත් නෝනිස්මහතා සඳහන් කළේය.

ශ්‍රී ලංකා රේගුව මෙයට පෙර ඉතිහාසයේ ඉහළම ආදායම් වාර්තාවක් හිමිකරගෙන ඇත්තේ 2023 වසරේදීය. එම වසරේ සමස්ත රේගු ආදායම රුපියල් බිලියන 975ක් බව ද සරත් නෝගිස් මහතා පෙන්වා දෙයි.

ශ්‍රී ලංකා රේගුවට රුපියල් ට්‍රිලියන 1.1ක හිඟ බදු මුදලක් ඇති බව ජාතික ජන බලවේගය පක්ෂයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා සඳහන් කරනු ලැබුවේ පෞද්ගලික රූපවාහිනී ආයතනයක පැවති වැඩසටහනකට සහභාගි වෙමිනි

Related posts

කල්මුණේ දෙනව කියල අගමැති කිවුවා දෙමළ ජාතිකයෙකු නැගෙනහිර මහ ඇමති කරන බවත් එතුමා කිවුවා- කරුණා

colombotoday

ඇලොසියස් මුදල් දී මාව හිර කළා – දයාසිරි ජයසේකර

colombotoday

අභිරහස් අමුත්තෙක් අද රෑ පෘථිවිය ළගින්ම යයි

colombotoday

කොරෝනා මරණ 800 දක්වා ඉහළට… 37,000ක් ආසාධිතයි !

colombotoday

“රාජපක්ෂට තඩිබානව.. රාජ්‍ය සම්පත්ටික විකුණන් කනව.. මේ ආණ්ඩුව කරන්නේ මෙච්චරයි“ – ජවිපෙ අනුර

colombotoday

ඉන්ධන මිළ ඉහළ දැමීම රටට යහපතක්.. පරිසර දූෂණය අඩුවෙනවා – ඇමති ඉරාන්

colombotoday