extremism & terrorism activitiesWorld

හින්දු තරුණියන් විවහකරගත් මුස්ලිම් ජාතිකයින් 10ක් “Love Jihad” නීතිය යටතේ අත්අඩංගුවට

ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තය “Love Jihad” ඉලක්ක කර ගත් නව නීති යටතේ මුස්ලිම් සහ හින්දු භක්තිකයන් අතර විවාහයන් පිළිබඳව විමර්ශනය කිරීම ආරම්භ කරමින් අත්අඩංගුවට ගැනීම් මාලාවක් සිදු කර තිබේ.

බිලියන 1.3 ක ජනගහනයෙන් සියයට 14 ක් මුස්ලිම් ජාතිකයින් සිටින රටක මුස්ලිම් ජාතිකයන් සමග විවාහවී අගම මාරු කිරීමට විරුද්ධව ගෙන ඇති නීතිය පිළිගැනීමට තවත් ඉන්දියානු ප්‍රාන්ත හතරක් සැලසුම් කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර සිටියි.

උත්තර් ප්‍රදේශ්, අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ පාලක භාරතීය ජනතා පක්ෂය විසින් පාලනය කරනු ලබන ප්‍රාන්ත කිහිපයෙන් එකකි.

බලහත්කාරයෙන් ආගම් මාරු කිරීමට එරෙහිව පළාත් පාලන ආයතන විසින් “Love Jihad” නීතිය සම්පාදනය කිරීමෙන් පසුව දෙසැම්බර් 2 වන දින උත්තර් ප්‍රදේශ් පොලිසිය මුස්ලිම් ජාතිකයෙකු අත්අඩංගුවට ගත්තේය.

නීතිය සම්මත වීමට පෙර දෙසැම්බර් මාසයේදී මොරදාබාද් නගරයේ උසාවියක් ඉස්ලාම් ආගමට හරවා මුස්ලිම් පුරුෂයෙකු සමඟ විවාහ වූ කාන්තාවක් නිදහස් කළේය. ඇය 22 හැවිරිදි වියේ පසුවන අතර ඇයගේ නිදහස් කැමැත්තෙන් විවාහ වීමට තීරණය කර ඇති බව ඇය අධිකරණයට පැවසුවාය.

වැරදිකරුවන්ට වසර 10 ක් දක්වා සිර දඬුවම් නියම කළ හැකි ආදර ජිහාඩ් නීතියට අනුව තවත් මුස්ලිම් පුරුෂයින් හත් දෙනෙකු මේ මාසයේ උත්තර් ප්‍රදේශ්හි දී අත්අඩංගුවට ගෙන තිබේ.

සමහර රැඳවියන් අත්අඩංගුවේ සිටියදී වධහිංසා පැමිණවූ බවට චෝදනා කර ඇති නමුත් පොලිසිය එම චෝදනා ප්‍රතික්ෂේප කර තිබේ.

හින්දු ජාතිකවාදීන් තර්ක කරන්නේ “Love Jihad” ඉන්දියාවේ බහුලව පවතින බවයි.

රටේ විශාලතම ප්‍රාන්තය වන මධ්‍ය ප්‍රදේශ් කියා සිටියේ තමන් රහසිගතව සිදුකරන අන්‍යාගමිකරණයට එරෙහිව සටන් කිරීම සඳහා ඊටත් වඩා දැඩි නීතියක් ක්‍රියාත්මක කරන බවයි.

“අපි එකතු කර ඇති විධිවිධාන වෙනත් කිසිම ප්‍රාන්තයක් විසින් පනවන ලද නීතිවල නොමැත” යැයි ප්‍රාන්ත ස්වදේශ කටයුතු අමාත්‍ය නාරෝතම් මිශ්‍ර මහතා පැවසීය.

ඔක්තෝබර් මාසයේදී ඉන්දියානු ස්වර්ණාභරණ සන්නාමයක් මුස්ලිම් මිනිසෙකු සහ හින්දු භාර්යාවක් පෙනීසිටින වෙළඳ දැන්වීමක් ඉවත් කර ගත්තේ හින්දු ජාතිකවාදීන් එය “Love Jihad” ප්‍රවර්ධනය කිරීමක් ලෙස අවධාරනය කිරීමෙන් පසුවය.

Related posts

ISIS මිනී පෙට්ටියට අවසාන ඇණේ ගහන්න පූටීන් 150,000 බළඇණියක් සිරියාවට යවයි

colombotoday

අයි.එස්. ත්‍රස්ත සංවිධානයට අලුත් නායකයෙක්

Admin

කච්චතිව් යලිත් ඉන්දියාවට ගන්න ජයලලිතාගෙන් අගමැති මෝඩිට ලිපියක්

colombotoday

ඇමරිකාවේ නව ජනපතිට ඉන්දියානුවන්ගේ සුභ පැතුම්

colombotoday

ඉන්දියාවේ දෛනික කොරෝනා මරණ දහස ඉක්මවයි

colombotoday

කොරෝනාවට එරෙහිව සර්ප විෂ භාවිතයෙන් වෛරසය පැතිරීම සියයට 75 කින් අවම කළ හැකි බවට අනාවරණයක්

colombotoday