Colombo Today Local News

මහර ගැටුම – වෙඩි වැදීමේන් මිය ගොස් ඇති රැදවියන් සිව් දෙනෙකුගේ සිරුරු ආදාහනයට නියෝග

මහර බන්ධනාගාරයේ පසුගියදා ඇති වූ කලහකාරි සිද්ධියෙන් මියගිය රැඳවියන් සිව් දෙනෙකුගේ පශ්චාත් මරණ පරික්ෂණ වාර්තා විද්වත් කමිටුව විසින් අද (16)දින වත්තල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කෙරිණි.

එම සිරුරු ආදාහනය කරන ලෙස වත්තල මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

පසුගිය නොවැම්බර් මස 29 සහ 30 දිනවල බන්ධනාගාරයේ ඇති වූ කලහකාරි තත්ත්වය හේතුවෙන් බන්ධනාගාර රැඳවියන් 11 දෙනෙකු මියගොස් තිබුණි.

ඔවුන්ගෙන් සිව් දෙනෙකුගේ පශ්චාත් මරණ පරික්ෂණ වාර්තා මගින් අධිකරණයට පෙන්වා දී ඇත්තේ මරණවලට මූලික හේතුව වෙඩි වැදීම් බවය.

ඒ අනුව අදාළ දේහ ආදාහනය කිරීමෙන් තොරව භූමදානය කිරීමට අවසර දෙන ලෙසට මියගිය පුද්ගලයින්ගේ ඥාතීන් සහ නීතිඥයින් අධිකරණයෙන් ඉල්ලා තිබුණි.

Related posts

තිරිඟු පිටි මිල යලිත් රු 40කින් වැඩිවෙයි

colombotoday

එම්.සී.සී ගිවිසුම සම්බන්ධ විද්වත් කමිටුවේ වාර්තාව ජනපතිට

colombotoday

පානදුර වෙඩි තැබීමකින් පුද්ගලයෙක් මරුදකී

colombotoday

ඩයනාගේ විදෙස් ගමන් තහනම තාවකාලිකව අත්හිටුවයි

Admin

කවන්න ගිය නරක්වූ සහල් කිලෝ 5500ක් වටලයි

colombotoday

රාජ්‍ය ණය බර බිලියන 9500 ක් !

colombotoday