Colombo Today Local News

“කුඩුත් එක්ක මාට්ටු වූ ඇමති මංගලගේ ලේකම් මොකුත් දන්නෑ” වහා නිදහස් කෙරේ !

නීතිවිරෝධී මත්ද්‍රව්‍ය තොගයක් ප්‍රවාහනය කරමින් සිටියදී පොලිස් විශේෂ කාර්ය බළකාය මගින් අත්අඩංගුවට ගත් විදේශ ඇමති මංගල සමරවීරගේ පෞද්ගලික ලේකම් සමීර මනහර නමැත්තා ඇතුළු තිදෙනෙක් ඇපමත මුදාහැර තිබෙනවා.

අමාත්‍යාංශයට අයත් රථයකින් කොකේන් මිලි ග්‍රෑම් 3000ක්, හෂීස් මිලි ග්‍රෑම් 9740ක්, කුෂ් මිලි ග්‍රෑම් 9420ක්, පිල් මිලි ග්‍රෑම් 4500ක්, ප්‍රවාහනය කරමින් සිටියදී ඇමති ලේකම්වරයා සහ තවත් තිදෙනෙක් අත්අඩංගුවට ගැණුනේ ඊයේ (06) අළුයමයි.

කෙසේ වෙතත් එක් සැකකරුවෙකු හැර ඇමති ලේකම්වරයා සහ සෙසු අය එම මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් කිසිවක් නොදැන සිටි බව මූලික පරීක්ෂණවලින් හෙළි වූ බවට පොලිසිය විසින් අධිකරණයට කරුණු දැක්වීමෙන් අනතුරුව ඔවුන් තිදෙනා ඇපමත මුදාහැරීමටත්, අනෙක් සැකකරු රක්ෂිත බන්ධනාගාරගත කිරීමටත් ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.

Related posts

ඔලුගෙඩි මාරුවක් වැඩක් නෑ.. ජනතාවට දැනෙන ප්‍රතිසංවිධානයක් ඕනෑ – මරික්කාර්

colombotoday

කොවිඩ් දේහ ආදාහනය පමණක් කළ යුතුයි | සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් නිවේදනයක්

colombotoday

එරාවූහිදී සිදුවූ පහරදීමකින් පොලිස් පරීක්ෂක මිය යයි

colombotoday

සමාජ ජාලා නැවතත් අවහිර කරයි…

colombotoday

ජනපති ධජය ඇඳ ඇතිරිල්ලකට ගත් පුද්ගලයා පොලිස් අත්අඩංගුවට

colombotoday

ඇන්ටිජන් පරීක්ෂාවෙන් මන්ත්‍රී අබ්දුල් හලීම්ට කොවිඩ් බව තහවුරු වෙයි

colombotoday