Colombo Today Local News

එරාවූහිදී සිදුවූ පහරදීමකින් පොලිස් පරීක්ෂක මිය යයි

මඩකලපුව එරාවුර් ප්‍රදේශයේදී පුද්ගලයන් තිදෙනකුගේ පහරකෑමට ලක්‌වූ පොලිස්‌ පරීක්‍ෂකවරයකු මඩකලපුව ශික්‍ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී පෙරේදා (24 දා) උදේ 9.00 ට පමණ මියගොස්‌ තිබේ.

මෙම සිද්ධියෙන් මියගොස්‌ ඇත්තේ අලව්ව ප්‍රදේශයේ පදිංචිකරුවකු වන පොලිස්‌ පරීක්‍ෂක එච්.එම්.සී. හේරත් (51) මහතායි.

මියගිය පොලිස්‌ පරීක්‍ෂකවරයා යාපනය ප්‍රදේශයේ රාජකාරියේ නිරත අයෙකි. ඔහු පුද්ගලික අවශ්‍යතාවක්‌ සඳහා එරාවුර් ප්‍රදේශයට ගොස්‌ 23 වැනිදා රාත්‍රි එහි පිහිටි හින්දු කෝවිලකට ගොස්‌ තිබේ. එම ස්‌ථානයේ සිට රාත්‍රි 9.00 ට පමණ ආපසු යමින් සිටියදී හෙතෙම පිරිසක්‌ සමග ආරවුලකට පැටලී ඇති බවත් එහිදී හෙල්මටයක්‌ වැනි යමකින් පොලිස්‌ පරීක්‍ෂකවරයාට පහරදී ඇති බවටත් තොරතුරු අනාවරණය වී තිබේ.

මෙහිදී තුවාල ලැබූ පොලිස්‌ පරීක්‍ෂකවරයා ප්‍රතිකාර සඳහා මඩකලපුව රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ජීවිතක්‍ෂයට පත්ව ඇත.

මෙම සිද්ධිය සම්බන්ධව සැකපිට තිදෙනකු එරාවුර් පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. එරාවූර් පොලිසිය වැඩිදුර පරීක්‍ෂණ සිදුකරනු ලබයි.

දිවයින

Related posts

දේශපාලකයන් ගැන අළුත්ගම ධම්මානන්ද මහානාහිමියෝ ඥාණසාර හිමිට කී කතාව (Video)

colombotoday

දැවැන්ත ජනතා බලවේගය කින් පරගැති දක්ෂිණාංශික බලවේග සුන්නද්දූලි කළා – වාසුදේව නානායක්කාර

colombotoday

අල්ලස් ගන්න ගිය පොහොට්ටු ප්‍රාස සභාපතිට වැඩ වරදී

Admin

ට්‍රම්ප් සමග සාකච්ඡා මගහැර, යුද අපරාධ චෝදනා ක්‍රියාත්මක කරන්න කල් ඉල්ලයි

colombotoday

මම අද සන්තෝෂයෙන් ඉන්නේ සිංහල බෟද්ධ කම ටික ටික නැතිවී යන එකට – චිත්‍රාල් සෝමපාල

colombotoday

ජීවත් වී පලක් නෑයි කියා එක්නැලිගොඩගේ බිරිය ඇතුළු පිරිසක් මුහුදට පනී.. ත්‍රිකුණාමලයේ කළබගෑනියක්

colombotoday