Colombo Today Local News

දින 30ක් ඇතුළත සියල්ලට විසදුම් දෙන්න.. නැතිනම් බරපතල තත්ත්වයක් – මුස්ලිම් මැති ඇමතීන් එකට එක්වී අනතුරු අගවයි

සිය ජනතාව මුහුණ දී ඇති තර්ජන සම්බන්ධයෙන් දවස් තිහක් ඇතුළත නිත්‍ය විසඳුමක් ලබාදෙන ලෙස ඉල්ලා සිටිමින් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව නියෝජනය කරන මුස්ලිම් මහජන නියෝජිතයෝ ජනාධිපතිවරයා මෙන්ම අගමැතිවරයාගෙන් ද ඉල්ලීමක් කරති.

එම ඉල්ලීම කරමින් මාර්තු 24 වෙනිදා යවන ලද ලිපියට මුස්ලිම් මන්ත්‍රීවරුන් සහ ඇමතිවරුන් විසි එක් දෙනෙකු අත්සන් තබා ඇත.

ඇතැම් භික්ෂූන් වහන්සේගේ ආධාරය ද ඇතිව බෞද්ධ අන්තවාදීන් විසින් මුස්ලිම් ජනතාවට එරෙහිව දිගින් දිගටම ගෙනයනු ලබන වෛරී සහගත ව්‍යාපාර, බිය ගැන්වීම්, ප්‍රචණ්ඩ ක්‍රියා සහ තර්ජන අවසන් කිරීමට පියවර ගන්නා මෙන් මුස්ලිම් පාර්ලිමේන්තු නියෝජිතයෝ ඉල්ලා සිටිති.

අම්පාර, දිගන, තෙල්දෙණිය සහ මහනුවර වැනි ප්‍රදේශවල මෑතදී වූ සිදුවීම් සිය ලිපිය මගින් සිහිපත් කරන මුස්ලිම් පාර්ලිමේන්තු නියෝජිතයන්, ඒවා යම්කිසි විශේෂ සිදුවීමක් මුල්කර ගනිමින් අහම්බෙන් සිදු වූ ක්‍රියාවන් නොව මුස්ලිම් ජනතාව සතු ආර්ථිකය සහ ඔවුන්ගේ චිත්ත ධෛර්යය විනාශ කර දැමීමේ සංවිධානාත්මක උපාය මාර්ගයක ප්‍රතිවිපාක ලෙස විග්‍රහ කරනු ලැබ ඇත.

රට තුළ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කරනු ලැබූ අතරවාරයේ ඇඳිරි නීතිය බල පැවැත්වුන ප්‍රදේශවල පොලිසිය සහ යුද හමුදාව රඳවා සිටියදී ප්‍රචණ්ඩ ක්‍රියාවන්ට හවුල් වූ කණ්ඩායම් නිදැල්ලේ ඔවුන්ගේ ක්‍රියාවන්හි නිරත වෙමින් සිටි බවත් එම ලිපියේ දැක්වේ.

අලුත්ගම ප්‍රහාරවලට එරෙහිව මුස්ලිම් ජාතිකයන් විසින් පැමිණිලි හතළිස් හතරක් (44) ඉදිරිපත් කරනු ලැබ ඇතත් තවමත් කිසිවකු අත්අඩංගුවට ගෙන නැති බවද මුස්ලිම් නායකයෝ පෙන්වා දෙති.

මුස්ලිම් ජනයාට අවශ්‍ය රැකවරණය සැලසීමට සහ නීතිය සහ සාමය පවත්වා ගැනීමට අපොහොසත් වූ හෙයින් කළින් බලයේ සිටි මහින්ද රාජපක්ෂ රජය 2015 දී පෙරළා දැමීම සඳහා අති බහුතර මුස්ලිම් ජනතාව දායක වූ අතර එම ප්‍රචණ්ඩ පරිසරය දිගටම පෙරට ගියහොත් ඕනෑම ආණ්ඩුවක මැදිහත්වීම සම්බන්ධයෙන් මුස්ලිම් තරුණ ප්‍රජාව අතර විශ්වාසය බිඳ වැටෙනු ඇතැයි ද මුස්ලිම් ජන නායකයන්ගේ ලිපියෙහි දැක්වේ.

එවැනි තත්ත්වයක් යටතේ වර්තමාන අර්බුදය තවත් බරපතළ අතට හැරිය හැකි මට්ටමින් ‘ඔවුන් ඔවුන්ගේ ආරක්ෂාව සලසා ගැනීමේ දිශානතියක් කරා යොමු වීමට’ ඉඩකඩ ඇති බවත් එම ලිපියේ සඳහන් ය.

කොන්දේසි සහිතව ඇප මත මුදා හරිනු ලැබ සිටින අන්තවාදීන් රට පුරා ප්‍රචණ්ඩ විනාශකාරී පරිසරයක් නිර්මාණය කරමින් වෛරී ව්‍යාපාරයක් මෙහෙයවමින් සිටින බවට බොහෝ සාක්ෂි ඇති බවත් මුස්ලිම් මහජන නියෝජිතයෝ ජනාධිපතිවරයාට සහ අගමැතිවරයාට යොමුකළ සිය ලිපිය මගින් කියා සිටිති.

‘දිගන’ ඇතිවූ ප්‍රචණ්ඩ තත්ත්වය සිහිපත් කරන එම ලිපිය, එහි අපරාධ සිදු වූ ආකාරය සම්බන්ධයෙන් වීඩියෝ සාක්ෂි ඇති බවත්, සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර ප්‍රඥප්තිය (ICCPR) යටතේ නඩු පවරනු ලැබිය හැකි ඇතැම් බෞද්ධ භික්ෂූන් සහ අන්තවාදීන් සමාජ මාධ්‍ය ජාලය මගින් වෛරය සහ වාර්ගික ගැටුම් උසි ගන්වන ලද බවත් එහි දැක්වෙයි.

රට සහ මුස්ලිම් ජන ජීවිතය මෙන්ම ඔවුන්ගේ දේපොළවලට සිදු කරන ලද මහා විනාශය සම්බන්ධයෙන්, වෛරය වපුරන එකී සියලු කණ්ඩායම් වහාම අත්අඩංගුවට ගනිමින් ඔවුන්ට එරෙහිව නඩු පැවරිය යුතුව ඇති බවත් ඔවුහු පෙන්වා දෙති.

එසේම විනාශ කරනු ලැබ ඇති ආගමික මධ්‍යස්ථාන ,ව්‍යාපාරික ආයතන සහ වෙනත් පෞද්ගලික දේපොළ කඩිනමින් ප්‍රතිසංස්කරණය කිරීම ද, සිදු කරනු ලැබ ඇති අලාභ සඳහා වහාම වන්දි ගෙවීම ද කරන ලෙස ඔවුහු ජනාධිපතිවරයාගෙන් සහ අගමැතිවරයාගෙන් ඉල්ලා සිටිති.

Related posts

පන්සල්වල අලි පැටවු අහුවුනාම නඩුදානවා.. පල්ලිවල කඩු තොග අහුවුණාම කිසිවක් නෑ.. සහජීවනය පට්ටපල් බොරුවක්..

colombotoday

කෝප් කමිටු සභාපතිධූරය මහාචාර්යවරයෙකුට

colombotoday

බෝට්ටුවක ගිය ජනප්‍රිය නිළියක් දියේ ගිලී මරුට

colombotoday

පෞද්ගලික අංශයට අලුත් නීති – පැය 08, 12ක් කරයි

colombotoday

උතුරු දුම්රිය මාර්ගය මඩකලපුවෙන් යටවෙයි… කොළඹ-කොටුව දුම්රිය ධාවනය ඇනහිටි

Admin

ලංකාවෙන් සොරකම් කල 18 වැනි ශත වර්ෂයට අයත් බුද්ධ ප්‍රතිමා දෙකක් යලි භාරදෙයි

colombotoday