Colombo Today Local News

බෝට්ටුවක ගිය ජනප්‍රිය නිළියක් දියේ ගිලී මරුට

මිතුරන් කිහිප දෙනෙකු සමඟ බෝට්ටුවක ගිය ජනප්‍රිය නිළියක් ගඟට වැටී දියේ ගිලී මියගොස් තිබේ.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 37 වියැති තායිලන්තයේ ජනප්‍රිය නිළියක වන නයිඩා පැච්රවීරපොංග් (Nida Patcharaveerapong)ය.

පසුගිය පෙබරවාරි 26 වැනිදා නයිඩා නිවාඩුවක් ගත කිරීම සදහා සිය මිතුරියන් පස්දෙනෙකු සහ ඇගේ කළමනාකරු සමග ස්පීඩ් බෝඩ් ක්‍රීඩාවේ නිරතව තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

බැංකොක් හි Rama VII Bridge නමැති ගංගාවේ ක්‍රීඩාවේ නිරතව සිටියදි ඇය ගංගාවට ඇදවැටෙන විට ආරක්ෂිත කබායක්වත් පැළද නොසිටි බවට තොරතුරු වාර්තා වන බව විදෙස් වාර්තා සඳහන් කරයි.

තායිලන්ත සිනමාවේ මෙන්ම පුංචි තිරයේ ද ජනප්‍රිය නිළියක වන නයිඩා ‘The Fallen Leaf (2019) නමැති නාට්‍යයෙන් ඉතා ජනාදරයට පත්විය.

නයිඩාගේ මව වන පනීඩා පොලීසියට පැමිණිලි කර ඇත්තේ යම්කිසි පුද්ගලයෙකු විසින් තම දියණියව ගඟට තල්ලු කර ඇති බවට සැකයක් ඇති බවයි.

Related posts

අවුරුදු තුනක දැරිය පිලීස්සූ පියා අත්අඩංගුවට

Admin

කටුනායක ගුවන්තොටේ සේවකයෝ විරෝධතාවයක

Admin

තාක්ෂණ අමාත්‍යංශයේ කාර්යයන් සහ ආයතන ගැසට් කෙරේ

colombotoday

සනීපාරක්ෂාව නැති ඌවේ ටියුෂන්වලට වාරණයක්

colombotoday

ඇමති චම්පිකගේ පියා කලුරිය කරයි

colombotoday

කෝටියක කුඩු සමග කුඩු කප්පිත්තෙක් මාළිගාවත්තෙන් අල්ලයි

colombotoday