Colombo Today Local News

මහ රහස් තොගයක් එළියට.. ඇමති මලික් සමරවික්‍රමත් බැදුම්කර කොමිසමට !

ආන්දෝලනාත්මක බැඳුම්කර නිකුතව පිළිබදව විමර්ශනය කරන විශේෂ ජනාධිපති කොමිසම හමුවට සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළද අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා ඉදිරි සතියේදී කැදවීමට නියමිත බව පැවසේ.

හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පසුගිය සතියේ බැදුම්කර කොමිසම හමුවේ සාක්ෂි දුන් අතර එය දැඩි ආන්දෝනාත්මක සිදුවීමක් විය. කෙසේ වෙතත් බැදුම්කර කොමිසම හමුවේ සාක්ෂී දීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් රවී කරුණානායක ඇමතිවරයා කියා සිටියේ, තමාට චෝදනා කරන්නේ හතුරන්ට වඩා මිතුරු වෙසින් ළග සිටිනා මෙම වරදට සම්බන්ධ වූ පුද්ගලයන් බවයි. ඔවුන්ට අවශ්‍ය වන්නේ තමා හට වරද පටවා නිවැරදිකරුවන් වීමට යැයිද හෙතෙම කියා සිටියේය.

රවී කරුණානායක ඇමතිවරයා සහ මලික් සමරවික්‍රම ඇමතිවරයා අතර පවතින නොමනාපකම දේශපාලන තිරය පිටුපස රහසක් නොවන අතර, රවී කරුණානායක ඇමතිවරයා “මිතුරු වෙසින් සිටින සතුරා” යැයි ඉගිකළේ මලික් සමරවික්‍රම මහතාට යැයිද වටහා ගැනීමට අපහසු නොවේ.

කෙසේ වෙතත් එක්සත් ජාතික පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග සදහන් කරන ආකාරයට, ජනාධිපතිවරණය සදහා ප්‍රචාරණ වියදම් වෙනුවෙන් ගෙවිය යුතු වූ බිලියන දෙකක ණය මුදල ගෙවීමට වෙනත් කිසිදු ක්‍රමයක් නොමැති බව කියමින් බැදුම්කර මගඩිය සදහා මඟ කපා තිබෙන්නේ අගමැතිවරයාගේ සමීපතම සගයා වන මලික් සමරවික්‍රම ය. අදාල බැඳුම්කර නිකුතුව අවසාන වූ මොහොතේ ම මලික් සමරවික්‍රම එතැනට පැමිණි බවට සීසීටීවී දර්ශන සාක්ෂි ද හමු වී ඇති බවද පැවසේ.

 

Related posts

වරාය නගර පනත් කෙටුම්පත පිළිබඳ පාර්ලිමේන්තු විවාදය කල් යයි

colombotoday

අපි ඒකීය ලංකාවකට එකග නෑ.. ව්‍යවස්ථා අතුරු වාර්තාවේ ඇත්තේ අපේ අදහසයි – TNA

colombotoday

විදුලි බිලක් විසිකර දැමූ අයෙකුට දස දහසක දඩයක්

colombotoday

මාලදිවයින් ජාතිකයන් වැඩිම පිරිසක් සිටින නගර අතර කොළඹ අංක 2ට

colombotoday

බන්ධනාගාර රැඳවියන්ට ඥාතීන් හමුවීමට අවස්ථාව

colombotoday

ෆොන්සේකා ඩීල් එකක් දාන්න හදලා, විරසකයට තවත් හේතුවක් ගැන අධිකරණ ඇමති කියයි.

colombotoday