Colombo Today Local News

කොකේන්, ගංජා, හෂීෂ් තොගයක් සමග මාට්ටු වූ ඇමති මංගලගේ “පෞද්ගලික“ ලේකම් !

විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතාගේ පෞද්ගලික ලේකම් සමීර මනහර නමැත්තා ඇතුළු සිව් දෙනෙකු නීති විරෝධී මත්ද්‍රව්‍ය තොගයක් සමග ඊයේ (06) අළුයම විශේෂ කාර්ය බළකා මූලස්ථාන මෙහෙයුම් අංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මුදල් අමාත්‍යංශයට අයත් සුඛෝපභෝගී මෝටර් රථයකින් මෙම මත්ද්‍රව්‍ය තොගය ප‍්‍රවාහනය කරමින් තිබියදී මෙසේ අත්අඩංගුවට පත්ව ඇති අතර, කොකේන් මිලි ග්‍රෑම් 3000ක්, හෂීස් මිලි ග්‍රෑම් 9740ක්, කුෂ් මිලි ග්‍රෑම් 9420ක්, පිල් මිලි ග්‍රෑම් 4500ක්, එම රථයේ තිබී අත්අඩංගුවට ගෙන ඇත. එහි සිටි එක් සැකකරුවෙකුගේ නිවස පරීක්ෂා කිරීමේදී විදෙස් මත්පැන් බෝතල් 18ක්, නීති විරෝධී දුම්වැටි 400ක් ද හමුවී ඇත.

සමීර මනහර නමැත්තා ඇමති මංගල සමරවීර සමග අතිශය සමීප ඇසුරක් පවත්වන අයෙක් බව පැවසේ. කෙසේ වෙතත් මේ වන විට වාර්තා වන්නේ, අදාළ සිද්ධියට සම්බන්ධ නැතැයි පවසමින් සමීර මනහර නමැත්තා ඇප මත මුදාහැර ඇති බවයි.

ඇමති සමග රජයේ වියදමින් රට සවාරි

විදේශ ඇමතිව සිටිදී මංගල සමරවීර මහතා රාජ්‍යතාන්ත්‍රික සංචාර සදහාද සිය “පෞද්ගලික හිතවතා” නිරතුරුවම රැගෙන ගොස් ඇති අතර, ඔහු ජනාධිපතිවරයාගේ ඉන්දියානු සංචාරය අවස්ථාවේදී ඇමති මංගල සමරවීර සමග සිටින ඡායාරූප සමාජ ජාලාවල පලවී තිබිණි.

2015 දී ඇමරිකාවේ සිදුකල සංචාරයකදී නිව්යෝක් හී මිල අධික, ධන කුවේරයන් හා, ධනවත් රටවල රාජ්‍ය නියෝජිතයන් භාවිතා කරන ‘Four Seasons’(ෆොර් සීසන්ස්) හෝටලයේ ලැගුම් ගනිමින් සිදුකල රජයේ මුදල් නාස්තියක් පිළිබදව චෝදනාවක් එල්ලවී තිබුණු අතර, ඇමතිවරයා සමග ගිය රාජ්‍යතාන්ත්‍රික කණ්ඩායමට සමීර මනහර නමැත්තාද සහභාගී කරගෙන තිබෙන බවට එම හෝටලයේ කුවිතාන්සියක් මගින් හෙළිදරව් වී තිබිණි.

 

Related posts

රෝහල් 600කට පුළුල් තිර රුපවාහිනී

colombotoday

රඹකැන් ඔය ආශ්‍රිත වනාන්තර සහිත ඉඩම් මහවැලි අධිකාරිය ව්‍යාපාරිකයන්ට බදු දීලා

colombotoday

නව ගුවන් හමුදාපති සුදර්ශන පතිරණ

colombotoday

එජාප නව මහ ලේකම් අකිල විරාජ් කාරියවසම්

colombotoday

ජනපතිත් රවටා, රටට හොරෙන් අත්සන්කළ සිංගප්පූරු ගිවිසුම ක්‍රියාත්මක බව රජය පිළිගනී

colombotoday

තහනම් අධිවිෂ රසායනිකයක් අළුත් නමකින් වෙළදපොළේ.. පළිබෝධ නාශක රෙජිස්ටාර් අවසර දීලා !

colombotoday