Colombo Today Local News

මිනුවන්ගොඩදී පුද්ගල ඝාතනයක්

මිනුවන්ගොඩ – නිල්පනාගොඩ ප්‍රදේශයේ දී දෙදෙනෙක් අතර ඇති වූ බහින්බස්වීමක් දුරදිග යාම නිසා ඇති වූ පහරදීමකින් එක් පුද්ගලයෙකු මියගොස් තිබේ.

පොලීසිය පැවසුවේ ඊයේ දිනයේ සිදුවූ මෙම අනතුරින් තියුණු ආයුධයකින් සිදුකළ කළ පහරදීමක් හේතුවෙන් මෙම පුද්ගලයා මියගොස් ඇති බවයි.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ 32 හැවිරිදි යුද හමුදා සෙබළෙකු ලෙස සේවය කර තිබූ එම ප්‍රදේශයේම පදිංචිව සිටි එක් දරු පියෙකි.

මීට පෙර දිනයක දී මෙම යුද හමුදා සෙබළාගේ නිවසට පැන ඔහුගේ බිරිඳගේ රත්‍රං මාලයක් සොරෙකු විසින් සොරකම් කර ඇති අතර ඒ සම්බන්ධයෙන් සැක සිතී මෙම පුද්ගලයාගෙන් ඒ පිළිබඳ ප්‍රශ්න කිරීමට ගිය අවස්ථාවේ දී සැකකරු විසින් මෙලෙස තියුණු ආයුධයකින් යුද හමුදා සෙබළාට පහර දී ඇති බව පොලිස් පරීක්ෂණවල දී හෙළි වී ඇත.

සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර මේ සම්බන්ධයෙන් මිනුවන්ගොඩ පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

සැකකරු තදින් මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහි වී සිටින පුද්ගලයෙකු බවට ද වාර්තා වේ.

Related posts

පානදුර පාපන්දු ක්‍රීඩකයෙක් ඇද වැටී මියගිහින්

Admin

පියා පැදවූ රථය ඇළට පෙරලී දියණිය මිය යයි.

colombotoday

එක්සත් ජනතා නිදහස් සංධානයේ පළාත් සභා මන්ත්‍රීන් පොහොට්ටුව ලකුණින් පළාත් සභා මැතිවරණයට

colombotoday

ශ්‍රීලනිප ඒකාබද්ධ රහස් හමුවක්

colombotoday

රාජාංගනයේ සද්ධාරතන හිමි රිමාන්ඩ්

Admin

මන්නාරමෙන් වළදමා තිබූ මත් කරල් 24,000ක් මාට්ටු

Admin