Colombo Today Local News

එක්සත් ජනතා නිදහස් සංධානයේ පළාත් සභා මන්ත්‍රීන් පොහොට්ටුව ලකුණින් පළාත් සභා මැතිවරණයට

එළඹෙන පළාත් සභා මැතිවරණයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ නෙළුම් පොහොට්ටුව ලකුණින් තරඟ කිරීමට එක්සත් ජනතා නිදහස් සංධානයේ පළාත් සභා මන්ත්‍රී සංසදය ඊයේ (28) ඒකමතිකව තීරණය කර ඇත.

එක්සත් ජනතා නිදහස් සංධාන පළාත් සභා මන්ත්‍රී සංසදයේ සාමාජිකයන් හා හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ස මහතා අතර බත්තරමුල්ල, නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු කාර්යලයේ දී ඊයේ (28) විශේෂ රැස්වීමේදී මෙම තීරණය ගත් බව එම පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක සංජීව එදිරිමාන්න මහතා පැවැසීය.

එළබෙන පළාත් සභා මැතිවරණයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොහොට්ටුව ලකුණ යටතේ තම සංසදය තරඟ කළ යුතු බවට බස්නාහිර පළාත් සභා මන්ත්‍රී සහන් ප්‍රදීප් මහතා යෝජනාවක් ඉදිරිපත් කළ අතර රැස්වීමට සහභාගීවූ සියලූම පළාත් සභා මන්ත්‍රීවරුන් අත් ඔසවා එම යෝජනාවට කැමැත්ත පළකර ඇත.

Related posts

“ජනමත විචාරනයකට යන අලුත් ව්‍යවස්ථාවකට මෛත්‍රීට ජනවරමක් නෑ“ – එස් බී

colombotoday

කොරෝනා මරණ 426ක් වේ ආසාදිතයන් 20000 ඉක්මවයි !

colombotoday

අද මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය වර්ජනයක්

Admin

උතුරේ දිස්ත්‍රික්ක 05 තුළ ඇඳිරි නීතිය දීර්ඝ කෙරේ

colombotoday

මහජන ආරක්ෂාව උදෙසා අති විශේෂ ගැසට් නිවේදනයක්… ත්‍රිවිධ හමුදාවට විශේෂ රාජකාරියක් !

colombotoday

ශ්‍රී ලංකන් ගුවන්යානා වලට ඉන්ධන සැපයීමේ නව කොන්ත්‍රාත්තුව

Admin