Colombo Today Local News

“ජනමත විචාරනයකට යන අලුත් ව්‍යවස්ථාවකට මෛත්‍රීට ජනවරමක් නෑ“ – එස් බී

” ජනමත විචාරනයකට යන නව ආණ්ඩුක්‍ර‍ම ව්‍යවස්ථාවක් සඳහා මෛත්‍රීපාල ජනාධිපතිතුමාට හා ඒ කණ්ඩායම ජනතාවට දුන් පොරොන්දු අනුව වරමක් නැහැ. අපි එහෙම එකක් ඉල්ලලත් නැහැ. ඒ නිසා ජනාධිපති ක්‍ර‍මයේ බලතල අඩුකරන සංශෝධන ඇරෙන්න තව ඉන් එහාට යනවා නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ගැටළුවක් තියෙනවා” යයි අමාත්‍ය එස්.බී.දිසානායක මහතා පවසයි.

ඇමැතිවරයා එබව පැවසුවේ ඊයේ (10) සමාජ සවිබල ගැන්වීම් හා සුභසාධන අමාත්‍යාංශයේ දී පැවැති මාධ්‍ය හමුවකදීය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මීළඟ ජනාධිපතිවරණ අපේක්ෂකයා වන්නේ, පක්ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා බැව් ද අමාත්‍ය එස්.බී.දිසානායක මහතා එම මාධ්‍ය හමුවේදී අවධාරණය කර සිටියේය.

Related posts

පාස්කු ප්‍රහාරයේ වින්දිතයින්ට සාධාරණත්වය ඉටුකරන්න ජාත්‍යන්තර සහය ගැනීම හැර විකල්ප නෑ..

colombotoday

මුතුහෙට්ටිගමට ඇප

Admin

ජනපතිට එරෙහිව එක්නැළිගොඩ බිරිය ශ්‍රේෂ්ඨාධිකරණයට !

colombotoday

සාසනේ හිල් වහන්න ගෙනා ත්‍රිපිටක පනතේ හිලක්. – පර්යාප්තිය රකින මුවාවෙන් ම නසන මාරයාගේ උප්පරවැට්ටියක්.

colombotoday

“බ්‍රිතාන්‍ය “සයිටම්” තහනම් කළේ ලංකාවේ වෛද්‍ය සභාවේ වරදින්” – සෞඛ්‍ය ඇමති

colombotoday

මෛත්‍රී භාවනාවයි, ආනාපානසතියයි පොලීසියට අනිවාර්ය කරයි !

colombotoday