Colombo Today Local News

පානදුර පාපන්දු ක්‍රීඩකයෙක් ඇද වැටී මියගිහින්

පාපන්දු ක්‍රීඩා කරමින් සිටි ක්‍රීඩකයෙකු ඊයෙ(26) රාත්‍රීයේ හදිසියේ ඇදවැටී මියගොස් ඇති බව පානදුර උතුර පොලිසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ පානදුර හොරේතුඩුව ශ්‍රීමතී පාර ප්‍රදේශයේ පදිංචිව මොහොමඩ් ෆිර්දව්ස් නැමැති 41හැවිරිදි තිදරු පියෙක් බව පොලිසිය සඳහන් කරයි.

පානදුර උතුර කෙසෙල්වත්ත ප්‍රදේශයේ ගාලුපාරේ පිහිටි ගෘහස්ථ ක්‍රීඩාගාරයක ක්‍රීඩා කරමින් සිටී පුද්ගලයා හදිසියේ අසනීපව ඇදවැටී පානදුර මූලික රෝහලට ඇතුලත් කර ඇති අතර රෝහල් ගත කිරීමේදී මියගොස් ඇති බව වාර්තා වේ.

මෘතදේහය පශ්චාත් මරණ පරීක්ෂණය සදහා පානදුර මූලික රෝහලේ තැන්පත් කර තිබේ.

පානදුර උතුර පොලිසිය පරීක්ෂණ පවත්වයි.

Related posts

“ග්‍රාම රාජ්‍ය, නගර රාජ්‍ය” සංකල්පයට අනුව අපි ගම හදා රට හදනවා

colombotoday

අප්‍රේල් 21 ප්‍රහාරය ගැන ජනපතිව දැනුවත් කරලා නෑ – ජනපති මාධ්‍ය අංශයෙන් නිවේදනයක්

colombotoday

අර්ජුනට එරෙහිව තිලංග නඩු යයි.. මැච් එක පැරදුනාට පසු විකට්ටුව ඇදයි කියලා

colombotoday

මල්වානෙ බැසිල් ගෙදර නඩුවට පෙනී ඉන්නවා. – Colombo Telegraph උවිඳුගෙන් නීතිඥ සංගමයේ සභාපතිට ප්‍රහාරයක්

colombotoday

තම්බි මුදියන්සේ රනිල්ටත්, නීලපෙරුමාල් චන්ද්‍රිකාටත්, රෑකඩ සිරිසේනටත් මේ රට හදන්න බෑ – ඤාණසාර හිමි

colombotoday

බ්‍රැන්ඩික්ස් මේ ආණ්ඩුව ගේන්න උදවු කලා. එනිසා කැමති වෙලාවට ඉන්දියාවෙන් සේවකයන් ගෙන්න පුළුවන් – ජනාධිපතිවරයා දහ පහලොස් දෙනෙක් ගෙනල්ලා පිප්පුවට රටක් පාලනය කරන්න බැ

colombotoday