World

සොසේජස් හදන්න ගෙන ගිය බළලුන් 1,000ක් බේරා ගනී

මසට අලෙවි කිරීමට ගෙනගිය බළලුන් 1000කට වැඩි ප්‍රමාණයක් චීනයේ පොලිසිය විසින් බේරාගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

සත්ත්ව සුභසාධන ක්‍රියාකාරීන්ගේ ඔත්තුවක් මත ක්‍රියාත්මක වූ පොලිසිය නැගෙනහිර Zhangjiagang නගරයේ දී බළලුන් රැගෙන යමින් තිබූ ට්‍රක් රථය වටලා ඇති බව සඳහන් වේ.

මෙම මෙහෙයුමේදී නීතිවිරෝධී බළල් මස් වෙළඳාමක් අනාවරණය වී ඇති අතර ආහාර සුරක්ෂිතතාව පිළිබඳවද නව ගැටලුවක් මතුකර තිබේ.

ගලවාගත් බළලුන් අයාලේ ගිය හෝ සුරතල් සතුන් ද යන්න තවමත් අනාවරණය කරගෙන නොමැත.

බළලුන්ව රටේ දකුණු පළාතට ගෙන යමින් සිටින අතර එහිදී බළල් මස්, ඌරු මස් සහ බැටළු මස්, සොසේජස් ලෙස අලෙවි කිරීමට සැලසුම් කර තිබු බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරයි.

Related posts

යුරෝපයට ඉස්ලාම් ජිහාඩ් ත්‍රස්ත ප්‍රහාරයක්? මහ මොළකරුවෝ 15ක් අත්අඩංගුවට

colombotoday

ජෝර්දානය, ඊශ්‍රායලය සමඟ ගනුදෙනු අවසන් කරයි

Admin

මද්‍රසාවක් තුල දැවැන්ත පිපිරීමක් | 8ක් මරුට. 100කට තුවාල

colombotoday

ඉන්දියාව ඇස්ට්‍රොසෙනෙකා අපනයනය අත්හිටුවයි

colombotoday

මාධ්‍යවේදිනියකට ලිංගික අතවර කළ චෝදනාවට ට්‍රම්ප් වරදකරු වෙයි

Admin

ලොව විශාලතම මගී නෞකාව ඉදිකර අවසන්

Admin