World

IS ත්‍රස්තයෝ ප්‍රංශයේ කිතුණු පල්ලියකට පනී.. පූජකවරයාගේ ගෙල කපා මරයි !

උතුරුදිග ප්‍රංශයේ, රොන් නගරයේ කතෝලික දේවස්ථානයකට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

එම දේවස්ථානයේ ප්‍රධාන පූජකවරයාවන ජැක් හැමල් නැමති පූජකවරයා උදෑසන දේව මෙහෙය සිදුකරමින් සිටියදී එහි කඩා වැදුණු ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්තයන් දෙදෙනෙකු එම පූජකවරයාගේ ගෙල කපා මරා දමා තිබෙන අතර, එහි සිටි තවත් සිවු දෙනෙකු ප්‍රාණ ඇපයට ගෙන තිබෙනවා.

ප්‍රහාරය සැලවීමත් සමග දේවස්ථානය වටකළ ප්‍රංශ විශේෂ පොලිස් කණ්ඩායම් ඝාතකයන් දෙදෙනාට වෙඩි තබා ඇති එකෙකු එම ස්ථානයේදීම මරා දමා ඇති අතර අනෙකා අසාධ්‍ය තත්ත්වයෙන් රෝහල්ගත කර ඇති බවයි පැවසෙන්නේ.

මෙම ප්‍රහාරය සිදුවන අවස්ථාවේදී දේවස්ථානය තුළ සිටි ඩැනි‍යෙල් කන්‍යා සොයුරිය පවසන්නේ එම ඝාතකයන් පියතුමාට දනින් සිටින ලෙස බල කළ බවයි. එහිදී, පියතුමා තමාගේ ආරක්ෂාව සලසා ගැනීමට උත්සාහ කළත්, එම ත්‍රස්තයන් හමුවේ පියතුමාට කළ හැකි කිසිවක් නොවූ බව ඇය කියයි. එමෙන්ම, මේ ම්ලේච්ඡ සිදුවීම ඔවුන් වීඩියෝ කළ බවත්, පසුව ඔවුන් අල්තාරය වටා යමින් අරාබි භාෂාවෙන් ඔවුන්ගේ දේව මෙහෙයක් පැවැත්වූ බවත් ඇය කියයි. ඒ භීතිය දනවන සිදුවීම අතරතුර, පියතුමා මරාදැමීමට සූදානම් වන අවස්ථාවේදී තමා එම ස්ථානයෙන් පැන ගැනීමට සමත් වූ බවද ඇය කියා සිටියි.

ප්‍රංශ ජනපති ප්‍රංශුවා හොලන්දේ සිද්ධිය වූ ස්ථානයට පැමිණ ඇති අතර, මෙම ප්‍රහාරය ඉතාමත් බියගුළු එකක් බවත්, ප්‍රංශය ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තයන් මිහිතලයෙන් අතුගා දැමීමේ යුද්ධය වෙත නැවත පැමිණ ඇති බවත් ප්‍රකාශ කර ඇත.

සිද්ධිය හෙළා දකිමින් වතිකානුවේ ෆ්‍රැන්සින් පාප් තුමන් ප්‍රකාශ කර ඇත්තේ මෙම නිරර්ථක අපරාධ හමුවේ තමන් වේදනාවට හා තැතිගැන්මටත් පත්ව සිටින බවයි.

Related posts

මියන්මාරයෙන් මුස්ලිම් භක්තිකයන් අතුගා දැමීමට සැරසේ

colombotoday

ඇමරිකානු ජනපතිවරණ සටනේ ඩොනල්ඩ් ට්‍රම්ප් ඉදිරියෙන්

colombotoday

රතු මුහුදේ ආරක්ෂාවට රටවල් 10ක් එක් වෙයි

Admin

න්‍යෂ්ටික සබ්මැරීන ව්‍යාපෘතියට රටවල් තුනක් එකඟ වෙයි

Admin

“සමලිංගිකත්වය යනු දෙවියන් වහන්සේගේ කැමැත්තයි“ – පෝලන්ත දේවගැතිවරයෙක් කියයි

colombotoday

අකුණු සැර වැදී අලි 18ක් මරුට

colombotoday