Colombo Today Local News

ආරක්ෂාව තහවුරුයි.. සිංහල සිසුන් යාපනේ නොයනවානම් පොලීසියට කරන්න දෙයක් නෑ – පොලිස්පති

jaffna uni 32

යාපනය විශ්ව විද්‍යාලයේ ආරක්ෂක තත්වය මේවන විට මුළුමනින්ම තහවුරු කර ඇති බවත්, ඒ සම්බන්ධයෙන් පූර්ණ වගකීම පොලීසිය භාරගෙන ඇති බවත්, එම තත්ත්වය යටතේ සිංහල සිසුන් අධ්‍යන කටයුතු සදහා යාපනය විශ්ව විද්‍යාලයට නොපැමිණෙන්නේනම් පොලීසියට තවත් කළ යුතු යමක් නොමැති බව පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා පවසයි.

දිවයින පුවත්පතට ප්‍රකාශයක් කරමින් පොලිස්පතිවරයා පවසා ඇත්තේ යාපනය විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලබන සිංහල ශිෂ්‍යයන්ගේ ආරක්‍ෂාව සඳහා සිවිල් ඇඳුමින් සැරසුණු නිලධාරීන් මෙන්ම නිල ඇඳුමින් සැරසුණු නිලධාරීන් ද විශාල පිරිසක්‌ යොදවා ඇති බවයි. එමෙන්ම බුද්ධි අංශ නිලධාරීන්ද යොදවා තොරතුරු ලබා ගන්නා බවද පොලිස්පතිවරයා සදහන් කර ඇත.

යාපනය විශ්වවිද්‍යාලය තුළ මහා භයානක තත්ත්වයක්‌ උද්ගත වී තිබෙන බවට ඇතැම් පාර්ශ්ව බොරු ප්‍රචාර යවනවා. ඒත් යාපනය විශ්වවිද්‍යාලයේ ඔය කියන ආකාරයේ කිසිම බරපතළ ක්‍රියාවක්‌ සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා මා සියලුම ශිෂ්‍යයන්ට ආරාධනා කරනවා කිසිම බියකින් සැකයකින් තොරව යාපනයට ගොස්‌ තම අධ්‍යාපන කටයුතුවල නිරත වන ලෙස. යැයිද පොලිස්පතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.

Related posts

රනින් දිනූ දිනේෂ් ඇතුළු පැරාලිම්පික් කණ්ඩායමට මුදල් ත්‍යාග

colombotoday

උකස් ගත් කෝටි 2කට අධික රන් භාණ්ඩ බැංකුවෙන් අතුරුදන්

Admin

ආරක්ෂක ලේකම් ධුරය යළිත් කමල් ගුණරත්නට

colombotoday

නකල්ස් රක්ෂිතයේ ඉඩම් කොල්ලය ගැන අහද්දී ඇමති කිරිඇල්ල තරහ ගනී.. වංගුවක් ගසා පැන යයි..

colombotoday

අන්‍යාගමිකරණය නැවත්වීමට සෙන්තිල් තොන්ඩමන් සහ ඥානසාර හිමි අතර සාකච්ඡාවක්.

colombotoday

විසිපස් වසරකට පසු යක්කලින් හමුවූ විජේවීර !

colombotoday