World

ඉන්දියාවේ කොරෝනා ආසාදිතයින් 1000 ඉක්මවයි

ඉන්දියාවේ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1,160 දක්වා ඉහළ ගොස් ඇත.

මේ වන විට වාර්තා වී ඇති මුළු මරණ සංඛ්‍යාව  31 කි.

පුද්ගලයින් 98 දෙනෙකු සුවය ලබා සිටින බව සෞඛ්‍ය බලධාරීහු පැවසූහ.

ඊයේ රාත්‍රියේ සිට අද උදෑසන කාලය දක්වා ආසාදිතයින් 20 කට අධික සංඛ්‍යාවක් අලුතින් තහවුරු කර ගෙන තිබේ.

වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයෙන් වාර්තා වන අතර එම සංඛ්‍යාව 215 ක් වේ.

ආසාදිතයින් 202 ක් කේරළ ප්‍රාන්තයෙන් හා කර්ණාටක ප්‍රාන්තයෙන් ආසාදිත රෝගීන් 83 ක් වාර්තා වී ඇත.

කෙසේ වෙතත් දින 21 ක් ඉන්දියාවේ සියලු කටයුතු අත්හිටුවීමේ ක්‍රියාමාර්ගය එම කාලයෙන් පසුව දීර්ඝ කිරීමට සැලැස්මක් නැතැයි රජය සඳහන් කරයි.

දුරස්ථ වෛද්‍ය ප්‍රතිකාර ක්‍රමය ඔස්සේ රෝහල් රෝගීන්ට ප්‍රතිකාර කිරීම ආරම්භ කර ඇති අතර වට්ස් ඇප් සමාජ මාධ්‍ය ඊට යොදා ගැනේ.

එම සේවය ලබාගැනීමට මේ වන විට විශාල පිරිසක් එක්ව සිටිති.

– India Today –

Related posts

මන්කිපොක්ස් අවදානමකක් | ආශ්‍රිතයන් 200කට අධික පිරිසක් සොයා ගනී

colombotoday

බංග්ලාදේශය – ස්ත්‍රී දූෂකයන්ට මරණ දඬුවම

colombotoday

ට්‍රම්ප්ගේ තීරණයට ප්‍රංශයේ සහය.. මුස්ලිම් සංක්‍රමණිකයන්ට දොර වහන්න ප්‍රංශයත් සූදානම් !!

colombotoday

ඇමෙරිකානු රාජ්‍ය තාන්ත්‍රිකයින් නෙරපා හරින බව රුසියාවෙන් ප්‍රකාශයක්

colombotoday

අමෙරිකාවෙන් යුක්‍රේනයට පොකුරු බෝම්බ ලබා දුන් බවට හෙළිදරව්වක්

Admin

වසර 14කට පසු ඉන්ධන මිල වාර්තාගත ලෙස ඉහළ යයි

colombotoday