World

ඇමෙරිකානු රාජ්‍ය තාන්ත්‍රිකයින් නෙරපා හරින බව රුසියාවෙන් ප්‍රකාශයක්

රුසියානු රාජ්‍ය තාන්ත්‍රිකයින් 12 දෙනෙකු ඉවත් කිරීමට ඇමෙරිකාව ගත් තීරණයෙන් පසු ඇමෙරිකානු රාජ්‍ය තාන්ත්‍රිකයින් රැසක් නෙරපා හරින බව රුසියාව ප්‍රකාශ කර තිබේ.

වොෂින්ටනය පසුගිය මාසයේ ජාතික ආරක්‍ෂක අවශ්‍යතා මත නිව්යෝර්ක්හි එක්සත් ජාතීන්ගේ දූත මෙහෙවරේ සිටින රුසියානු රාජ්‍ය තාන්ත්‍රිකයින් නෙරපා හරින බව පැවසුවා.

පසුව රුසියානු විදේශ අමාත්‍යාංශය රුසියාවේ එක්සත් ජනපද තානාපති ජෝන් සුලිවන් කැඳවා ජනාධිපති ජෝ බයිඩන් රුසියානු නායක ව්ලැඩිමීර් පුටින් “යුද අපරාධකරුවෙකු” ලෙස ලේබල් කිරීම සම්බන්ධයෙන් විරෝධය පළ කර සිටි බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

එමෙන්ම රුසියානු විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරන්නේ තවදුරටත් පිළි නොගන්නා රාජ්‍යතාන්ත්‍රිකයින්ගේ ලැයිස්තුවක් ඔවුන්ට ලැබී ඇති බවයි.

මෙම නියෝගයෙන් එක්සත් ජනපද රාජ්‍ය තාන්ත්‍රිකයින් කී දෙනෙකුට බලපානු ඇත්ද සහ ඔවුන් රුසියාවෙන් නෙරපා හරිනු ලබන්නේ කවදාද යන්න පැහැදිලි නැති බවද විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

Related posts

තුර්කියේ තවත් ප්‍රබල භූ කම්පනයක්

Admin

F-35 ප්‍රහාරක ජෙට් යානා ගැන සැකයක්… භාරගැනීම අත්හිටුවයි

colombotoday

ආර්ථික විද්‍යා නොබෙල් ත්‍යාගය තිදෙනෙකුට

colombotoday

ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල අඩු වෙයි

colombotoday

හිටපු ඉන්දීය ජනාධිපති අභාවප්‍රාප්ත වෙයි

colombotoday

කියුබාවට ජීවය දුන් ෆිදෙල් කස්ත්‍රෝ දිවියෙන් සමුගනී

colombotoday