Colombo Today Local News

මුස්ලිම් ඇමතිලා පෝළිමේ ගිංතොටට.. සිංහලයන් වෙනුවෙන් එක දේශපාලකයෙක් නෑ.. (Photo)

ඊයේ රාත්‍රියේ ගිංතොට ප්‍රදේශයේ ඇතිවූ ගැටුම්කාරී තත්වය අතරතුර සහ ඉන්පසුව මුස්ලිම් දේශපාලකයන් විශාල පිරිසක් එම ප්‍රදේශයට ගොස් සිටින බවට වාර්තා වනවා.

රිෂාඩ් බදුර්දීන් ඇමතිවරයා ඊයේ රාත්‍රියේ සිට එම ප්‍රදේශයේ රැදි සිටින අතර ආණ්ඩුව හා විපක්ෂය නියෝජනය කරන මුස්ලිම් දේශපාලකයන් විශාල පිරිසක් මේ වන විටත් ගාල්ල අවට හෝටල්වල රැදී සිටින බවයි දැනගන්නට ලැබෙන්නේ.

මේ අතර ප්‍රහාරයට ලක් වූ සිංහල ගම් වැසියන් පිළිබදව සොයා බැලීම සදහා ආණ්ඩුව හෝ විපක්ෂය නියෝජනය කරන කිසිදු දේශපාලකයෙක් එම ප්‍ර දේශයට ගොස් නැති බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ. අද දහවල් පැමිණි වජිර අබේවර්ධන අමාත්‍යවරයා සිංහල ජනතාව පිට වරද පටවමින් චෝදනා කර ඇති අතර උරණ වූ ප්‍රදේශවාසීන් විසින් හූ කියා ඔහුව පන්නා දමනු ලැබ තිබෙනවා.

අද පෙරවරුවේම බොදු බල සේනා මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් එම ප්‍රදේශයේ සංචාරයක නිරත වූ අතර, මතුව තිබෙන තත්ත්වය සමතයකට පත් කිරීම සදහා සර්වාගමික නායකයන් සමග ගාල්ල දිසාපති කාර්යාලයේදී පැවති සාකච්ඡාවකටද සහභාගී වී තිබෙනවා.

සිද්දියෙන් තුවාල ලැබූවන් පිළිබදව සොයා බැලීම සදහා ඥාණසාර හිමියන් ඇතුළු භික්ෂූන් වහන්සේ ගිංතොට, ගාල්ල රෝහල් වෙතද අද පස්වරුවේ වැඩමකර තිබෙනවා.

Related posts

හමුදාව සතු උතුරේ ඉඩම් ගැන TNA සාකච්ඡා.. පළාලි අධි ආරක්ෂිතයත් ඉවත් කරන්න ඉල්ලයි !

colombotoday

සොරා කෑ ධනය තිබෙන තැන දිලිත් කියයි

Admin

සංචාරක නිකේතනයක නිධන් හාරන්න ගිය 9ක් කොටු වෙයි

Admin

ශබ්ද විකාශනයෙන් පිරිත් දැම්මයි, උඩුවේ හිමි දුටු තැන අල්ලන්න වරෙන්තු

colombotoday

ජනපතිගේ ආශිර්වාදයෙන් ඇමති විමල්ගේ ආරාධනයෙන් එන ඡන්දෙට මං ඉල්ලනවා..

colombotoday

බැංකු නිලධාරියකුගේ සුඛෝපභෝගී මෝටර් රථය ඉස්සූ දෙදෙනෙක් අල්ලයි

Admin