Colombo Today Local News

විජයග්‍රහණයේ සැමරුම වෙනුවට ‘සංහිඳියා සංග්‍රාම ශක්ති’ අද රෑ වේදිකාගතවෙයි !

‘සංහිඳියා සංග්‍රාම ශක්ති – රණවිරු සංස්කෘතික ප්‍රසංගය’ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (14දා) රාත්‍රි 8.30ට කොළඹ නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිතය.

ත්‍රිවිධ හමුදාව, පොලිසිය, සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුව යන අංශවල සංස්කෘතික ශිල්පීන් 600කගේ සහභාගිත්වයෙන් මෙය සංවිධානය කොට ඇත.

ආරක්‍ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි මහතාගේ මෙහෙයවීම මත මේ ප්‍රසංගය සංවිධානය කොට ඇති අතර එය නැරැඹීමට අග්‍රාමාත්‍යවරයා ඇතුළු මැති ඇමැතිවරුන්, තානාපතිවරුන්, රාජ්‍ය නිලධාරීන් සහභාගි වීමට නියමිතය.

එසේම මේ ප්‍රසංගය නැරැඹීමට මහජනතාවටද අවස්ථාව ලබාදී ඇති අතර එම ප්‍රසංගය ජාතික රුපවාහිනිය ඔස්සේ සජීවීව විකාශය කිරීමට ද කටයුතු යොදා ඇත.

මැයි 19 ත්‍රස්තවාදය පරාජය කිරීම සමරමින් පැවැත්වූ ‘විජයග්‍රහණයේ සැමරුම‘ හමුදා පෙළපාලිය වෙනුවට රජය මෙම සංස්කෘති සංදර්ශනය සංවිධානය කර ඇත.

Related posts

තවත් 400කට අද ද්විත්ව පුරවැසිභාවය පිරිනමයි…

colombotoday

අධික උෂ්ණත්වය දරුවන්ට අහිතකරයි – දෙමාපියන් අවධානයෙන් සිටින්න

Admin

ගංවතුර වළකන්න වසර 50කට පෙර ගෙනා සැලසුම් තවම ක්‍රියාත්මක කරගන්න බැරිවුණා

colombotoday

මැයව හදුනනවාද? වහාම පොලිසියට දන්වන්න.

colombotoday

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව යළි සේවාවන් සැපයීම අරඹයි

colombotoday

“ආරක්ෂක ලේකම් වහා නෙරපනු“ සරත් විජේසූරියගෙන් ජනපතිට නියෝග

colombotoday