Colombo Today Local News

අධික උෂ්ණත්වය දරුවන්ට අහිතකරයි – දෙමාපියන් අවධානයෙන් සිටින්න

පවත්නා අධික උෂ්ණත්වය හේතුවෙන් වැඩි වශයෙන් ස්වභාවික දියර ආහාර ළමුන්ට ලබා දෙන ලෙස කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා දෙමාපියන්ගෙන් ඉල්ලා සිටි.

පවතින තත්ත්වය හමුවේ, දිවා කාලයේ උෂ්ණත්වය ඉහළ යාමත් සමග දරුවන්ට අපහසුතාවයන් ඇතිවන බව වෛද්‍යවරයා පවසයි.

කුරුම්බා වතුර, දෙහි, දොඩම්, නාරං, දෙළුම්, කැඳ ආදී දෑ පානය කිරීම විජලනය වළක්වාගැනීම සඳහා වැදගත් වන බව ද, අධික රස්නය හේතුවෙන් හිසරදය, වමනය, නින්ද නොයෑම, ඇතැමුන්ට අධික නිදිමත ගතිය ඇතිවීම මෙන්ම ආහාර රුචිය අඩුවීම ද දරුවන් අතර දැකිය හැකි බව ද සඳහන්.

ඒ අනුව, ජලය පානය නොකර දරුවන් පාසල් යාමෙන්, සෙල්ලම් කිරීමෙන් සහ පාරේ ඇවිදීමෙන් ඔවුන්ට විජලන තත්ත්වයන් සහ තාප කම්පන තත්ත්වයන්ට මුහුණදීමට සිදුවන බව වෛද්‍යවරයා වැඩි දුරටත් පවසයි.

ඇතැම්විට වළිප්පුව වැනි තත්ත්වයන් පවා ඇතිවිය හැකියි.

මෙවැනි උෂ්ණාධික තත්ත්වයක් යටතේ දරුවන්ට සමේ රෝග වැඩිවීම ද දක්නට ලැබෙන අතර මේ සම්බන්ධයෙන් අනිසි බියක් ඇතිකර නොගත යුතු බවයි විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා ප්‍රකාශ කරයි.

එසේම, නිරන්තරයෙන් දරුවන් නෑවීම, දවසකට දෙවරක් හෝ නෑවීම වැදගත් බව ද අනාවරණය කළ වෛද්‍යවරයා වැඩි දුරටත් සඳහන් කර සිටින්නේ, විනාඩි 20ක් පමණ එක් වරකට වතුරේ තැබීම කළ යුතු බවත් එමගින් සමේ රෝග අවම කරගැනීමේ හැකියාවක් පවතින බවත්ය.

Related posts

අලුත් ආණ්ඩුවේ සහන මල්ල ලිහයි… බදු තොගයක් අහෝසියි… VAT දෙගුණයකින් පහළට !

colombotoday

ළදරුවාට පිටි ටින් එකක් සොරකම් කළ පියා අත්අඩංගුවට

colombotoday

කොවිඩ් ආසාදනය වූ රුසියානුවා ඇතුළු පිරිස සාමාන්‍ය සංචාරකයින් ලෙස මාතර නගරයේ සැරිසරලා – PHI සභාපති කියයි

colombotoday

විපක්ෂය ගොන් කරත්තයෙන් එද්දී ආණ්ඩු පක්ෂයෙන් කොස්කොල මල් මාලා – දඹුල්ල ප්‍රාදේශීය සභාවේ කාලගෝට්ටියක්

colombotoday

මේ විනාසයෙන් රට බේරාගත හැකි එකම පුද්ගලයා ඔබයි – ගැටඹේ හිමි ගෝඨාභයට කී කතාව

colombotoday

එජාපය සජිත්වාදීන් පන්නයි

colombotoday