Colombo Today Local News

විපක්ෂය ගොන් කරත්තයෙන් එද්දී ආණ්ඩු පක්ෂයෙන් කොස්කොල මල් මාලා – දඹුල්ල ප්‍රාදේශීය සභාවේ කාලගෝට්ටියක්

සභිකයන්ගේ විරොධතාවය දරාගත නොහැකිව දඹුල්ල ප්‍රාදේශිය සභාවේ සභාපති සභාව ආරම්භ කර පන්සිල් ගත් සැනින් තේ පානය සඳහා නැවත්වීමට සිදුවිය.

රටේ පවතින තෙල් මිල වැඩිවිම, පොහොර හිගය, ඔන් ලයින් අධයාපන විෂමතා ඇතුළු කාරණා රැසකට වලට විරොධය දක්වමින් දඹුල්ල ප්‍රාදේශිය සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් හා මන්ත්‍රීවරියන් කළුපාට සාටක පැළද ගෙන අද (1) විරෝධතාවයක නිරත විය.

සභාව ආරම්භයට පෙර සභිකයන් පාපැදිවල සහ කරත්තවල නැගි ප්‍රාදේශිය සභාව වෙත පැමිණි අතර ස්වල්ප මොහොතක් සභාව ඉදිරිපිට විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් විරොධතාවයක නිරත විය.

එම අවස්ථාවේදී දඹුල්ල ප්‍රාදේශිය සභාවේ ආණ්ඩු පක්ෂයේ (පොදුජන එක්සත් පෙරමුණු) මංත්‍රි වරුන් “කොස්කොල මාලයක්” හා “කොස්කොල මිටියක්” ලබාදෙමින් විපක්ෂ මංත්‍රිවරුන් පිළිගන්නා ලදි.

සභාව ආරම්භයට පෙර විපක්ෂය නියොජනය කරණ මංත්‍රින් කලුපාට සාටකයක් බෙල්ලේ දමාගෙන විපක්ෂ නායක සමන් මොරේමඩ මහතා සමග සභාවේ අසුන් ගත්තේය . ඉන් අණතුරුව ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු පැමිණ අසුන් ගත්තේය.

සභාව ආරම්භයට පෙර සිටම පක්ෂ විපක්ෂ මංත්‍රිවරු විවාද කල අතර ජනතාවට පොහොර දී ඇති බවත් රට සංවර්ධනය කරන්න සැවොම කැප විය යුතු බවත් පවසමින් ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු විපක්ෂ මන්ත්‍රීවරුන්ට විරොධය පෑමට කටයුතු කලේය..

දඹුල්ල ප්‍රාදේශිය සභාවේ සභාපති කේ ජි සෝමතිලක මහතා මුලසුනට පැමිණීමෙන් පසු සියලු දෙනා ආගම සිහිකර සභාවේ වැඩ කටයුතු ආරම්භ කොට පසුගිය සභාවාර්තාව සභා සම්මත කරගත්තේය. ඒ සත්‍යවාර්තාවක් බවට සභාපති කල යොජනාව උපසභාපතිවරයා ස්ථිර කිරිමෙනි.

ඉන් අණතුරුවය නැගි සිටි විපක්ෂ නායක සමන් මොර්මඩ මහතා රටේ වර්තමානයේ උද්ගතව ඇති අර්බුධයන් සභාවක් විදියට කඩිනම් ‍ විසදුම් දීය යුතු බවට යොජනාවක් ගෙන ආ අතර එයට ආණ්ඩු පක්ෂය නම්‍යශීලී නොවිමත් සමග විපක්ෂය විරොධතා පුවරු පෙන්වම්න් ආණ්ඩුවේ පොහොර සහනාධාරය හිතවතුන්ට පමණක් ලබා දෙන බවත්, “මැති ඇමැතිවරු පුටු උඩ – දරුවන් ගස් උඩ” ආදි පුවරු ප්‍රදර්ශනය කමින් විරොධතා දක්වන්ට විය.

මෙම විරොධතාවයට විරුද්ධව ආණුඩු පක්ෂයේ මංත්‍රින් කීපදෙනෙකු පමණක් සෘජුවම විර්ධතා දක්වන්ට වු අතර සභාපතිවරයා ආණ්ඩු පක්ෂ මංත්‍රින්ට නිහඩ වන ලෙස පැවසුවද ආණ්ඩු පක්ෂ මංත්‍රින් විරුද්ධ පක්ෂයේ මංත්‍රින් අභිභවා විරොධතා දැක්වීය. විනාඩ් 15ක් පමණ බලා සිටි දඹුල්ල ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා පැවසුවේ සභාව තේ පානය සදහා නවත්වන බවයි.

සභාව තේ පානයට නවත්වා ඇති විටත් මද වේලාවක් වික්ෂ මංත්‍රින්ගේ විරොධයට විරොධය පාමින් ආණ්ඩු පක්ෂ මංත්‍රින් විවිධ දේ කියමින් කරමින් සිට තේ පානයට ගිය අතර විරුද්ධ පක්ෂය නියෝජනය කල එක්සත් ජාතික පක්ෂ මංත්‍රින් හා ජනතා විමුක්ති පෙරමුණු මංත්‍රිවරයා තේ පානයට නොගොස් සභාව තුලම රැදි සිටියේය.

උපසභාපතිවරයාද මංත්‍රින් හා ප්‍රාදේශිය සභා සේවකයින්ද පැමිණ තේ පානයට විපක්ෂ මංත්‍රින්ට ආරාධනා කල ද නොපැමිණ සිටි අතර තේ පානයෙන් පසු සභාව රැස්වු වහාම විපක්ෂ නායකවරයා නැගිට ජනතා ගැටලු ඉදිරිපත් කීරීමේදි ජනතා නියොජිතයින් ලෙසින් සභාව එය නොසලකා හැරිමට විරොධය පාමින් මෙතැන් සිට අද දිනට සභාව වර්ජනය කරණ බවත් පවසමින් විපක්ෂයේ සියලු මංත්‍රිවරුන් සභාවෙන් එළියට පැමිණියේය.

සභාවේ රැදි සිටින ලෙස ආණ්ඩු පක්ෂ මංත්‍රින් පැවසුවද එය නොසලකා අද දිනයේ සභාව වර්ජනය කිරීමට විපක්ෂය කටයුතු කරන ලදි.

මෙම විරොධතාවය පිළිබදව අදහස් දැක්වු සභාපතිවරයා පැවසුවේ ප්‍රජාතන්ත්‍රවාදී රාමුව තුල විපක්ෂයට තම මතය දැක්වීමට හැකි බවත් මෙම සභාව විනය ගරුකව අඛණ්ඩව වසර 27ක් පවත්වාගෙන ආ බවත් ඉදිරියටත් එසේ සිදු කරණ බවත් සභාව ඇතුලට කොල පොස්ටර් ගෙන යෑම තහනම් බවත් එසේ කරීම නොසුදුසු බවත් සඳහන් කරන ලදි.

මහින්ද උදසිරි – දඹුල්ල

Related posts

ඡන්දෙදි පොරොන්දු වුණාට දැන් Free Wi-Fi දෙන්න බෑ…

colombotoday

දේශපාලනයට එන්න මගේ අකමැත්තක් නෑ

colombotoday

මෛත්‍රී ජනපති ධුරයට සමු දෙයි !

colombotoday

අවුරුදු 10ක දරුවෙකු පණගැන්වූ යතුරුපැදියක ගැටී සිගිත්තියක් මරුට

colombotoday

යකඩ කූරක් ඇණුනා කී විදුලිබල සේවකයා මියගියේ ආසාවට පොලිස් පිස්තෝලයක් අතගාන්න ගිහිං

colombotoday

“තීරණය වෙනසක් නෑ.. වෛද්‍යවරුන් බිහිකිරීමට SITM සුදුසු නෑ” – මහාචාර්ය කාලෝ ෆොන්සේකා

colombotoday