World

ලෝක බාලදක්ෂ ජම්බෝරිය අවලංගු කෙරේ…

දකුණු කොරියාවේ පැවැත්වෙන ලෝක බාලදක්ෂ ජම්බෝරිය සුළි කුණාටුවක් හේතුවෙන් එහි සංවිධායකයින් නියමිත කාල වකවානුවට පෙර අවසන් කර තිබෙන බව විදෙස් මාධ්‍ය පවසයි.

මීට පෙර කඳවුරේ පැවති අධික උෂ්ණත්වය සහ දුර්වල සනීපාරක්ෂක තත්ත්වයන් පිළිබඳව චෝදනා කරමින් එක්සත් රාජධානිය ඇතුළු රටවල් කිහිපයක් මෙම ජාත්‍යන්තර ඉසව්වෙන් ඉවත්ව තිබුණි.

දැඩි උෂ්ණත්වය මධ්‍යයේ සිය ගණනක් රෝගාතුර වී ඇති අතර, තාප විඩාව නිසා පීඩාවට පත් වූවන් අතර එක්සත් රාජධානියේ බාලදක්ෂයින් ද සිටි බව විදෙස් මාධ්‍ය පැවසීය.

4,500 දෙනෙකුගෙන් යුත් බ්‍රිතාන්‍ය කණ්ඩායම, ලෝක බාලදක්ෂ ජම්බෝරියට පැමිණ සිටි විශාලතම පිරිසවූ අතර පසුගිය සතියේ බුවාන් නගරයට නුදුරින් වූ Saemangeum හි කඳවුරු භූමියට පැමිණි නමුත් සෙනසුරාදා දැඩි උෂ්ණත්වය හා පහසුකම් අවම වීම හේතුවෙන් සෝල් අගනුවර හෝටල් වෙත මාරු කර යවා තිබේ.

තරුණ තරුණියන් 40,000කට අධික පිරිසකගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන මෙම ලෝක බාලදක්ෂ ජම්බෝරිය ආරම්භයේ සිටම ආහාර නොමැතිකම, දුර්වල සනීපාරක්ෂාව සහ ප්‍රමාණවත් වෛද්‍ය සේවාවන් නොමැතිකම වැනි විවිධ වූ ගැටලුවලින් සමන්විත වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

එක්සත් ජනපදය සහ සිංගප්පූරුව දැනටමත් ඔවුන්ගේ කණ්ඩායම් කඳවුරු භූමියෙන් ඉවත් කර ගෙන තිබේ.

මේ අතර ලෝක බාලදක්ෂ ජම්බෝරි සංවිධායකයින් පවසා ඇත්තේ මෙම උත්සවය පැවැත්වීම තවදුරටත් ආරක්ෂිත නොවන බව දකුණු කොරියානු රජය ඔවුන්ට පැවසූ බවයි.

ඛානුන් සුළි කුණාටුව එළඹෙන බ්‍රහස්පතින්දා දකුණු කොරියාවේ දකුණු ජියෝලා පළාතට ළඟා වනු ඇතැයි බලාපොරොත්තුවෙන් මෙම උත්සවය අවලංගු කර ඇති බවත් සහභාගී වන බොහෝ දෙනා වයස අවුරුදු 14 සහ 18 අතර වයස්වල පසුවන අය බවත් සඳහන්.

රටවල් 155ක සහභාගිත්වයෙන් දකුණු කොරියාවේ පැවැත්වීමට සූදානම් වූ ලෝක බාලදක්ෂ ජම්බෝරිය කොවිඩ් වසංගතයෙන් පසු පැවැත්වීමට නියමිතව තිබූ පළමු ජම්බෝරිය වන අතර එය අගෝස්තු 12 දක්වා පැවැත්වීමට නියමිතව තිබුණි.

Related posts

ලිබියානු ප්‍රහාරක ජෙට් යානයක් ISIS ප්‍රහාරයකින් විනාශ වේ

colombotoday

කොවිඩ් පාලනයට එරෙහි ව නෙදර්ලන්ත වැසියන්ගෙන් පොලිසියට ප්‍රහාර

colombotoday

විදුලි රැහැනක් කඩා වැටී 26ක් මරුට

colombotoday

මෝදි ආරක්‍ෂක අවදානම නොතකා පකිස්ථානයට

colombotoday

ඇමරිකාවේ සුක්කානම ඩොනල්ඩ් ට්‍රම්ප්ට

colombotoday

ඩ්‍රෝන ප්‍රහාරයක් වැරදී සිවිල් වැසියන් 86ක් ජීවිතයෙන් වන්දිගෙවයි

Admin